සිකුරු සමග ගිණිකොන, දකුණ, නිරිත බලවත් කරගෙන ධනවතෙක් වෙන්න

591

සිකුරුට අයත් දිශාව වන්නේ ගිණිකොන දිශාවයි. ධනය ඉතිරි කිරීමට මූලික දිශාව වන්නේ නිරිත දිශාවයි. එනම් ගිණිකොන, දකුණ, නිරිත කලාප ශක්තිමත් කිරීමෙන් ධනය මෙන්ම බලයද ලෞකික යසඉසුරුද  ලබාගත හැක.

හැමෝම බලාපොරොත්තු වන්නේ ධනය වැඩිකර ගැනීමටය. මෙවැනි කාලයක එය ඉතාමත් ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. රටට, ලෝකයට අඳුරු කාල නිර්මාණය වෙද්දී ඒ අඳුර ඇතුලේ කුඩා හෝ ආලෝකයක් සොයාගෙන ආරක්‍ෂාවීමට හැමෝම උත්සාහ දැරීම සොබාවිකයි.

මෙවැනි කාල පරිච්ඡේදවලදී ජ්‍යොතිෂය මෙන්ම වාස්තු විද්‍යා දැනුමද ඒකාබද්ධ කර ගැනීම ඒ නිසා කළ යුතුයි.

එළැඹෙන ඔක්තෝබර් 18 වැනිදා සිකුරු තුලා රාශියට ප්‍රවිශ්ඨ වීමත් සමග එවැනි වත්පිළිවෙත් තුළින් ආර්ථිකය ඉහළ නංවා ගැනීමට මග පාදා ගැනීමේ හැකියාව පවතී. සිකුරු තුලා රාශීගත වීමත් සමග මේෂ, කටක, තුලා, මකර යන ලග්න හතරට මාලවී යෝගයේ ගුණ උදාකරගත හැක. විශේෂයෙන් එම ලග්න හතරින් එකක ඉපිද උත්පත්තියේදී සිකුරු බලවත්ව සිටියේ නම් වැඩි ප්‍රතිඵල නෙළාගත හැක.

සිකුරුට අයත් දිශාව වන්නේ ගිණිකොන දිශාවයි. ධනය ඉතිරි කිරීමට මූලික දිශාව වන්නේ නිරිත දිශාවයි. එනම් ගිණිකොන, දකුණ, නිරිත කලාප ශක්තිමත් කිරීමෙන් ධනය මෙන්ම බලයද ලෞකික යසඉසුරුද ලබාගත හැක.

මේ සඳහා ගිණිකොණ දිශාවේ කරඳ හෝ මඟුල් කරඳ පැළයක් සිටුවිය යුතුයි. මඟුල් කරඳ සිටුවන්නේ නම් වඩාත් ශුභයි. සිකුරාදා දිනයක උදේ 6 ත් 7 ත් අතර සිටුවීම ද යෝග්‍යයි. කෙසේ වෙතත් නිවසේ ගිණිකොණ කුස්සිය පැවතීම දකුණු, නිරිත ප්‍රදේශයේ ප්‍රධාන නිදන කාමරය තැබිය යුතුයි. දකුණු නිරිත ප්‍රධාන නිදන කාමරය නොමැති වීම විශාල ධන හානිකර තත්ත්වයකි.

කෙසේ වෙතත් පිරමීඩ වාස්තු විද්‍යා ප්‍රතිකර්ම ක්‍රමවේදයක් මඟින් කඩා බිඳ දැමීමකින් තොරව ඒවා පිළිසකර කරගත හැක.

මෙහිදී අදාළ ප්‍රතිඵල ගැනීමට දකුණු නිරිත දිග නිදා ගැනීම අතිශය අත්‍යවශ්‍ය වනු ඇත.

2022 ඔක්තෝබර් මස 18 ත් නොවැම්බර් මස 11 ත් අතර කාලය තුළ සිකුරාදා දිනයක පත්තිනි මෑණියන්ට පහත පූජා තබා සිකුරු බලවත් කර භූමියේ ශක්තියද වර්ධනය කරවා ගන්න.

● අවශ්‍ය ද්‍රව්‍ය:-

කහ පාටට සොබාවික මල් මාලයක්, අඹ ගෙඩි 03 ක් සහිත පලතුරු පූජාවක්, පොල් ගෙඩි 01, කපුරු පැකට් 03 ක්, කහ රෙදි යාර 1 1/2, කුංකුම ස්වල්පයක්, කාසියක්, කහපාට රෙදි කෑල්ලක්.

හොඳින් ශුද්ධ කරන ලද මුඩ්ඩ රහිත පොල්ගෙඩියේ කහ තවරා භාරයක් ලෙස කාසියක් ගැට ගැසූ රෙදි කැබැල්ල පොල්ගෙඩිය වටේද ගැට ගසාගනු ලැබේ. එනම් භාරය පොල් ගෙඩියේද ගැට ගසාගත යුතුයි.

මෙම පොල්ගෙඩිය සහිතව පූජා වට්ටිය පත්තිනි මෑණියන්ට පූජා කැපකර තමාගේ භූමියේ ආර්ථික සමෘධිමත් භාවය ලබාදෙන ලෙස ඉල්ලති. ඉන් පසුව එම පොල් ගෙඩිය ගිණිකොණ දිශාවේ පවතින කරඳ පැලයේ ඉහළ කරුවක තබන්න. නැතහොත් ගැටගසා තබන්න.

රාත්‍රි 03 ක් ගත වීමෙන් අනතුරුව නැවත එම පොල් ගෙඩිය අදාළ පූජාව තැබූ භූමියේ බිඳින්න.

කුරුලු ජෝඩු 3 ක් නිදහස් කරන්න. තවද ප්‍රධාන නිදන කාමරයේ නැගෙනහිර දිශාවට අයත් බිත්තියේ ඉර පායා එන පින්තූරයක් එල්ලන්න. තමාගේ නිදන කොට්ටය යට සුදු කැකුළු හාල් ග්‍රෑම් 500 ක් තබා (සිකුරාදා දින රාත්‍රියක) පසුවදා සෙනසුරාදා උදේ එළවළු බත් පාර්සලයක් සකසා ආබාධිත හිඟන කෙනකුට දෙන්න. යෝගට් හා මුදල්ද දෙන්න.

කුරුල්ලන්ට ධාන්‍ය වර්ග දන් දෙන්න. සිකුරාදා දින 03 ක් රාත්‍රී 8 ත් 9 ත් අතර සීවලී පිරිත කියන්න. එක දිනකට 9 වරක් කීම ඉතා ශුභයි.

මෙහි ඉතිරි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න.

සිකුරු සමග ගිණිකොන, දකුණ, නිරිත බලවත් කරගෙන ධනවතෙක් වෙන්න

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment