සිගරට් නොදුන්නැයි කඩුවෙන් කොටයි

539


මත්පැන් පානය කළ තරුණයින් පිරිසක් මහ රෑ සිගරට් ලබා ගැනීමට යාපනයේ වෙළද සැලක් විවෘත කරවා ගැනීමට උත්සහ කොට එය අසාර්ථක වීම නිසා වෙළදසැල් හිමියාට කඩුවකින් කොටා තුවාල සිදු කොට සිගරට් පැහැරගෙන ගොස් තිබේ.
පිහියා ඇනුමට ලක් වූ වෙළද සැල් හිමියාව ප්‍රතිකාර සදහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය සිදු කළ පරීෂණ වලදී සිද්ධියට සම්බන්ධ තරුණයින් තුන් දෙනෙකු හා ඔවුන් පැමිණි යතුරු පැදියක්ද වෙළද සැල් හිමියාට තුවාල සිදු කළ කඩුවක්ද අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට තවත් තරුණයින් තුන් දෙනෙකු සම්බන්ධ බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇතත් එම තරුණයින් තුන් දෙනා මේ වන විට පළාතෙන් පලාගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment