සිගරැට් බදු වැඩි නොකිරීමෙන් බිලියන 100 ක් අහිමි වෙයි

202

මුදල් අමාත්‍යාංශයෙන් සිගරැට් බදු 2020 – 2021 වසරවල වැඩි නොකිරීම නිසා රජයට රුපියල් බිලියන100 කට ආසන්න මුදලක් අහිමි වී ඇතැයි මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශය 2019 වසරින් පසු කිසිදු අවස්ථාවක බදු වැඩිකිරීමට යෝජනාවක් හෝ සිදුකර නොමැති බව ද එම ආයතනය කියා සිටී. සියයට 84 ක හිමිකාරීත්වය හිමි බි‍්‍රතාන්‍ය බහුජාතික දුම්කොළ සමාගම හරහා මෙම බදු මුදල හිමිවීමට තිබූ බව ද එම ආයතනය කියා සිටී. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිගින් දිගටම ඉහළ යද්දී අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන සිගරැට් කිසි ලෙසකින් හෝ මිල වැඩි නොකර පවත්වා ගැනීමට විවිධ උපක‍්‍රම ක‍්‍රියාත්මක කර ඇති බව ද එම ආයතනය කියා සිටී.

දක්ෂිණ අධිවේගි මාර්ගය ඉදිකිරීම සඳහා වැයවූ මුදල රුපියල් බිලියන 100 කි. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට වැය වූ මුදල රුපියල් බිලියන 91 කි. මත්තල ගුවන් තොටුපළ සඳහා වැයවූ මුදල රුපියල් බිලියන 21 කි. ගුවන් තොටුපළ පිවිසුම් අධිවේගි මාර්ගය සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 39 ක් යැයිද එම ආයතනය පෙන්වා දී ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment