සිඞ්නි නගරය අගුලූ‍ දැමීම නිසා කොන්ටාස් ගුවන් සේවකයන් 2500කට රැකියා අහිමිවේ

303

ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීමත් සමගම ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරය අගුලූ‍ දැමීම හේතුවෙන් බලපෑමට ලක් වූ ඕස්ටේ‍්‍රලියාවේ ජාතික ගුවන් සේවාව වන ”‍කොන්ටාස් ”‍ ගුවන් සේවය සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් 2500ක් දෙනා සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.සිඞ්නි නගරයේ අගුලූ‍ දැමීම තවත් මසකින් දීර්ඝ කර තිබීම හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාව පුරා සිය ගුවන් ගමන්වලට බාධා පැමිණ ඇති බව පවසා ඇති ”‍කොන්ටාස් ”‍ගුවන් සේවය ගුවන් නියමුවන් ,ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් හා ගුවන් තොටුපළ සේවකයන් ඇතුළු සේවකයන් 2500ක් දෙනා මෙසේ සේවයෙන් ඉවත් කරන බව සඳහන් කරයි.

 මෙසේ සේවයෙන් ඉවත් කරනු ලබන ගුවන් සේවා කාර්ය ,මණ්ඩල සාමාජිකයන් වැටුප් ගෙවීම මෙම මස මැද භාගය දක්වා පමණක් සිදු කරන බවද කොන්ටාස් ගුවන් සේවය විසින් නිවේදනය කර තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment