සිඟිත්තා ළිඳට දමා  අම්මාත් පනින්න හදලා – දෙදෙනාම බේරාගෙන: මව අත්අඩංගුවට

140

කරන්දෙනිය කිරිනුගේ ප්‍රදේශයේ මවක් විසින් පෙරේදා (19 දා) වයස අවුරුදු තුනක් පමණ වූ දරුවකු ළිඳට දමා ඇයද ළිඳට පැනීමට තැත් කරද්දී අසල්වැසියන් විසින් දෙදෙනාම බේරාගෙන කරන්දෙණිය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් පැමිණ දරුවා රෝහල්ගත කර මව අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

කරන්දෙණිය ප්‍රදේශයේ මවක් විසින් අල්ලපු නිවස අසල තිබූ දැලකින් ආවරණය කරන ලද ළිඳක දැල කපා තම වයස අවුරුදු 3 ක් පමණ වූ ගැහැණු දරුවා ළිඳට දමා ඇයද ළිඳට පැනීමට තැත් කරද්දී අල්ලපු නිවසේ නිවැසියන් විසින් මේ දෙදෙනා බේරාගෙන කරන්දෙනිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් දරුවා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර වයස අවුරුදු 38 ක් පමණ වූ මව අත්අඩංගුවට ගෙන ඇත.

මව මෙම දරුවා බිම දමා ඇදගෙන පැමිණි බව වාර්තා වන බවත්, ඇය මානසික ආබාධයකින් පෙළෙන බව පෙනී යන බවත්, ඒ පිළිබඳව මෙම මව ඉදිරියේදී මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන බවත් කරන්දෙණිය පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිස් අධිකාරී වයි. එල්. ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි කරන්දෙණිය ප්‍ර.පො.ප. ප්‍රසන්න ඇල්ගිරියගේ, අපරාධ අංශාධිපති පො.ප. ඉරාන්, උ.පො.ප. මෙන්ඩිස්, ළමා හා කාන්තා කාර්යාංශයේ උ.පො.ප. චම්පිකා යන අය විසින් පරීක්ෂණ කටයුතු අරඹා ඇත.

නියාගම – විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment