සිත් තැවුලට පත් දොළොස් හැවිරිදි දරුවා මරුට දිවි පුදලා

321

වැල්ලවාය පොලිස් වසමේ ගම්පංගුව ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි පිරිමි ළමයකු ඉකුත් 10 වෙනිදා ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය හීනපහුව ගම්පංගුව පාසල අසල පදිංචි ඩබ්. එම්. සිතුම් සංගීත් ඉඳුවර (12) නමැති පාසල් ශිෂ්‍යයෙකි.

මියගිය ළමයාගේ මව ඇයගේ දියණියට බෙහෙත් ගැනීම සඳහා නගරයට ගොස් ඇති අතර තමාවද කැටුව යන ලෙස ඉල්ලා ඇතත් මව ඔහුව ආත්තම්මාගේ නිවසේ නතරකර ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් ඇතිවූ සිත්තැවුලක් මත ගෙල වැලලාගෙන සිටියදී ප්‍රදේශවාසීන් දැක දරුවා වැල්ලවාය මූලික රෝහලට රැගෙනගොස් ඇතත් ඒ වනවිටත් මියගොස් සිටි බව මූලික පරීක්ෂණවල දී අනාවරණයවී ඇත. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment