සිතුල්පව්ව පොසොන් ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන්

63

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් උත්සවය ජුනි මස 02, 03 සහ 04 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

පොසොන් දින වාර්ෂික ආලෝක පූජාව 36 වැනි වසරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙවර පොසොන් උත්සවය සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති අග්ගමහා පණ්ඩිත මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර ඇත. පොසොන් දින සවස ආලෝක පූජාව සිතුල්පව්ව දායක සභාවේ උප සභාපති ධම්මික ආටිගල මහතා සහ උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතා විසින් ආරම්භ කිරීමට සංවිධානය කර ඇත. මෙවරද දාන, සීල, භාවනා සහ දන්සල් ආදී ආගමික උත්සව රැසක් සංවිධානය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment