සිද්ධාර්ත් කියාරා යුගදිවියට

320

සුපිරි නළු සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ සහ කියාරා අද්වානිගේ විවාහ මංගල්‍යය රාජස්ථාන්වල ජයිසල්මර් හි සූර්යගර් මාලිගයේදී පසුගියදා පැවැත්විණි. මෙම මාලිගය රාජකීය අවකාශයන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන බව වාර්තා වන අතර එය අමුත්තන් සඳහා දිනකට රුපියල් කෝටි දෙකක් පමණ වැය වෙනවා.

මෙම යුවළගේ මෙහෙන්දි හල්ඩ් සහ සංගීත උත්සවය ඇතුළු පූර්ව විවාහ කටයුතු පෙබරවාරි 04 වැනිදා සිදුකෙරිණි.

මේ වනවිට බොලිවුඩයේ ජනප්‍රිය තරුවල සහ ප්‍රේක්‍ෂකයන්ගේ සුබ පැතුම් මධ්‍යයේ සිද්ධාර්ත් මල්හෝත්‍රා ඔවුන්ගේ මංගල ඡායාරූප කිහිපයක් පළ කරමින් සමාජ ජාලාවල මෙසේ සටහන් පළ කර තිබිණි.

“දැන් අපගේ ස්ථිර වෙන්කරවා ගැනීම සිදුකර ඇත” “අපගේ ඉදිරි ගමනට අපි ඔබගේ ආශිර්වාදය සහ ආදරය පතමු”.

advertistmentadvertistment
advertistmentadvertistment