සිදාදියේ සමනලියෝ හි මල්කි හරහා එන – මිෂෙල් දිල්හාරා

244

කැබෙස්කා සමූහයත් සමග අලුත්ම වැඩක

සල්සපුනා” සුදු ඇඳගෙන කළු ඇවිදින්”Can You Hear Me, පොදු season 2 පෝක් වීදිය සහ කාසි වැනි නාට්‍යවලින් විශාල ජනප්‍රියත්වයක් ලබාගත් මිෂෙල් දිල්හාරා මේ දිනවල දකින්න ලැබෙන්නේ සිදාදියේ සමනලියෝ හි මල්කි හරහාය. මේ මිෂෙල්ගේ හඬයි.

මුලින්ම කතා කරමුකෝ සිදාදියේ සමනලියෝ ගැන?

සිදාදියේ සමනලියෝ අධ්‍යක්ෂණය කරන්නේ ධනංජය සිරිවර්ධන. මේ නාට්‍ය නිෂ්පාදන කරනු ලබන්නේ පණ්ඩුක වීරසේකර” තිරපිටපත අරුණ ජයවර්ධනගේ. මෙහි මාත් එක්ක රංගනයෙන් යශෝධා විමලධර්ම” තරින්දි ප්‍රනාන්දු” මනෝජා ප්‍රනාන්දු” වොෂිකා පෙරේරා” සජිනි රෝයි” අකිල ධනුද්දර” අංජන ප්‍රේමරත්න” මේනක රාජපක්ෂ” අශේන් සිරිවර්ධන සම්බන්ධ වෙනවා.

සිදාදියේ සමනලියෝ හි මල්කි හරහා එන - මිෂෙල් දිල්හාරා

මිෂෙල්ගේ චරිතය ගැන කතා කළොත්?

මම නිරූපණය කරන්නේ මල්කි ගේ චරිතය. මල්කි nurse කෙනෙක්. මම මේ වගේ චරිතයක් මීට කලින් කරලා තිබුණේ නෑ.

මල්කි කියන්නේ මොනවගේ චරිතයක්ද?

චරිතයේ ස්වභාවය ගත්තොත් මල්කි කියන්නේ මාතර ඉඳන් රස්සාවක් කරන්න කොළඹට ආපු අහිංසක තරුණ ගැහැනු ළමයෙක්. එයාට වැඩ කරන්න ලැබෙන්නේ බර්නාඩ්ගේ ගෙදර. ගුප්ත මිනිස්සු ඉන්න ගුප්ත පරිසරයක එයාට මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග සහ හැලහැප්පීම් ගැන තමයි නාට්‍යයේ මගේ කොටස කියැවෙන්නේ.

ධනංජය සිරිවර්ධන වැනි අධ්‍යක්ෂවරයෙක් සමග වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

ධනංජය සිරිවර්ධන කියන්නේ මේ වෙනකොට ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් සහ අද වෙනකොට අධ්‍යක්ෂවරයෙක්. ඔහු සාමාන්‍යයෙන් ලෝක සිනමාව ගැන යම්කිසි කියැවීමක් තියෙන කෙනෙක් සහ හදාරන කෙනෙක්. සිදාදියේ සමනලියෝ නාට්‍යයේ පළමුවැනි episode එකම 800”000 ක් පනිනවා. හැම episode එකක්ම 500”000 පැනලා තියෙන්නේ. තාම නාට්‍යය විකාශනය වෙලා සතියයි. ඒකට ප්‍රධානම හේතුව තමයි ධනංජය අයියා ගොඩක් වෙලාවට අපි ජාත්‍යන්තර සිනමාවේ දකින සමහර concepts, shooting styles මේ නාට්‍යයටත් implement කරලා තියනවා. අනිත් ලොකුම වෙනස තමයි සාමාන්‍යයෙන් අපේ රටේ ජනයා හිතන විදිහ ගැන ගොඩක් study කරනවා. මේ වෙලාවේ රටේ තියන tension එකයි pressure එකත් එක්ක” ඒකට උත්තරයක් මේ නාට්‍යය හරහා නිර්මාණ වෙනවා කියලා පේනවා. මේ වෙනකන් ගොඩක් නාට්‍යවල කතා කරන කෝණයට වඩා වෙනස් කෝණයකින් ඒ ගැන කතා කරනවා. ඒ වගේම ගමේ ඉඳන් එන ගැහැනු ළමයින් කොළඹ නගරයට ආවාම එන ප්‍රශ්න” ඒවා ජය ගන්න හැටිත් මෙහි පෙන්වනවා. මේ ගැහැනු ළමයි පස් දෙනාවම එක සමානව character build up මච එකක් මේ නාට්‍යය හරහා වෙනවා. ඉතින් මේක ධනංජය අයියාගේ පළමුවැනි නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා ගොඩක් experienced director කෙනෙක්ට සමානවම ඔහු මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරනවා කියලා.

සිදාදියේ සමනලියෝ හි මල්කි හරහා එන - මිෂෙල් දිල්හාරා

කැබෙස්කා සමූහත් සමග කරපු වැඩේ ගැනත් කතා කරමු?

කැබෙස්කා සමූහයේ මාධ්‍ය අංශය විසින් සංවිධානය කරන ලද “පෙරළිය .23” මාධ්‍ය වැඩමුළුවත් සමග සම්බන්ධ වෙනවා. මාත් එක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කපිල ගමගේ මහතා” ජාතික රූපවාහිනි නිවේදක මාධ්‍යවේදී චානක ඉනෝජ් මහතා සහ පාසල් මාධ්‍යවේදින්ගේ සංසදයේ හිටපු සභාපති නව නිපැයුම් හා තාක්ෂණික සංගමයේ සභාපති කවිඳු ඉලංගකෝන් මහතා එක්ව මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්වුණා. එමෙන්ම ඒ සඳහා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්”

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂක තුමිය මෙන්ම අවට පාසල්වල විදුහල්පතිවරු හා මාධ්‍ය සංගම් නියෝජනය කරමින් ගුරුවරු සහ සිසුන් ද මේ සඳහා සහභාගි වුණා.

එහිදී පාසල් දරුවන්ගේ මාධ්‍ය හැකියා ඔප් නැංවීමට විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදු කළා.

මෙම වැඩමුළුව සාර්ථක කරගැනීම සඳහා කැබෙස්කා සමූහයේ සභාපති කිසල් විජේමාන්න” උප සභාපති අනුක ගුණතිලක” උප සභාපති දුන්‍යා කොඩිතුවක්කු” ලේකම් සොනාලි පෙරේරා” භාණ්ඩාගාරික ඉශාන් කවීශ හා හිරණ්‍ය තිසුම්” නවෝද්‍ය රත්නායක” සෙනිති විස්මික සෙනෙවිරත්න හා පංචාලි අබේවික්‍රම යන කමිටු සාමාජිකයන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා.

කැබෙස්කා සමූහයේ මේ වෙද්දි සිදු කර තිබෙන ව්‍යාපෘති ගැන කතා කරනවා නම්” ‘අභිසාරිතා අස්න. නමින් ලංකාවේ පළමුවන බහුමාධ්‍ය සඟරාව නිර්මාණය කර තිබෙන අතරම ඔවුන් කෘතිම බුද්ධි තාක්ෂණය හා පරිගණක ක්‍රමලේඛනය භාවිතා කරමින් ඒ ආශ්‍රයෙන් බොහොම අපූරු නිර්මාණ කර තිබෙනවා. ‘අභිසාරිතා.” ‘පෙරළිය. හා ‘mind to mind’ වැනි සමාජයේ සිටින පාසල් දරුවන් අතර දැනුම් හා කුසලතා වගේම ආකල්ප සංවර්ධනය කරන ව්‍යාපෘති රැසක් කැබෙස්කා සමූහය මේ වන විට සිදු කරලා තිබෙනවා. ඒ වගේම මානව ප්‍රාග්ධනය දියුණු කරවීමේ අරමුණින් මෙරට දරුවන් සිය ගණනකට කැබෙස්කා සමූහය හරහා නොමිලේ ඉංග්‍රීසි භාෂාව හා පරිගණක තාක්ෂණය ඉගැන්වීමේ වැඩසටහන් මාලාවකුත් මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

නිරෝෂන්
ඡායාරූප – නාලින්ද ධනරංජන්

advertistmentadvertistment
advertistmentadvertistment