සිනමාව කර්මාන්තයක් කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලැබේ

94

දේශීය සිනමාව කර්මාන්තයක් ලෙස පළිගැනීම සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාපිත කරන ලෙස දේශීය සිනමාව හා සබැඳි සංවිධාන දිගින් දිගටම රජයෙන් කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීම සඳහා වන මෙම කැබිනට් පත‍්‍රිකාව අමාත්‍ය මාණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරිණි.

දේශීය සිනමා කර්මාන්තය කර්මාන්තයක් ලෙස මෙතෙක් ස්ථාපිත නොවීම තුළ එහි ප‍්‍රමාණය සහ වර්ධනය කුඩා දේශීය වෙළෙඳපොළට සීමා වීම, කොවිඞ් වසංගතයෙන් පසු අඩපණ වූ චිත‍්‍රපට කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම තුළින් ජීවනෝපායන් රාශීයක් උත්පාදනය කරගැනීම සහ එමගින් ආර්ථිකයට සැළකිය යුතු දායකත්වයක් ලබා ගැනීම යන කරුණු සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙන බව ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment