‘සිනමාව රූපවාහිනීකරණය සහ නාට්‍ය හා රංගකලාව’ පිළිබඳ පාඨමාලාව ඇරඹේ

138

හියුමන් වින්ග් ජාත්‍යන්තර නිපුණතා ඇකඩමිය (HWISA) මගින් මෙහෙයවන “සිනමාව හා රූපවාහිනීකරණය සහ “නාට්‍ය හා රංගකලාව සිව්මාසික සහතිකපත්‍ර පාඨමාලාවන් 2023 ජනවාරි මස 07 වැනි සෙනසුරාදා දින සිට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH‍), කොළඹ කමත කලා කේන්ද්‍රයේ දී ආරම්භ කිරීමට නියමිත ය.

BMICH පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින් පවත්වන මෙම සිනමා හා රූපවාහිනි පාඨමාලාව මගින් “සිනමා සහ රූපවාහිනි සිද්ධාන්තික අධ්‍යයනය ඇතුළු අනුශාංගික අංග සමග තවත් විෂයයන් රැසක් ආවරණය වේ.

'සිනමාව රූපවාහිනීකරණය සහ නාට්‍ය හා රංගකලාව' පිළිබඳ පාඨමාලාව ඇරඹේ

මහාචාර්ය පැට්‍රික් රත්නායක, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක, ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී එම්.ඩී මහින්දපාල, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු, ප්‍රවීණ රංගවේදී මහේන්ද්‍ර පෙරේරා, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, ප්‍රවීණ නාට්‍යවේදී කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රවීණ නාට්‍යවේදී ජෙරොම් ද සිල්වා, ප්‍රවීණ රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂ මොහාන්ජි රංගනාථ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සජිතා ලක්මාලි, කථිකාචාර්ය චාමික හත්ලහවත්ත, ප්‍රවීණ පිටපත් රචක නාමල් ජයසිංහ, ප්‍රවීණ හඬකැවීම් ශිල්පී අතුල ජයසිංහ, ප්‍රවීණ රූපවාහිනි නිවේදක සජිත් රණසිංහ ඇතුළු ප්‍රවීණයන් රැසක් දේශන සඳහා සහභාගී වේ.

074 033 5253 – 076 033 5253 යන දුරකථන අංකවලට අමතා ඉහත පාඨමාලාවන්ට ලියාපදිංචි විය හැකි අතර හියුමන් වින්ග් ජාත්‍යන්තර නිපුණතා ඇකඩමියේ (වීසා – HWISA) ආයතනයේ ෆේස්බුක් පිටුවට https://www.facebook.com/HWISASriLanka/ ඔස්සේ පිවිසිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment