සිනමා අඹරෙන් බැස ගිය තාරකාවිය

525

මෙරට සිනමාවේ ආකර්ෂණීයම යුගයක් වන්නේ හැත්තෑව දශකයයි. එම යුගයේදී ජනප්‍රියම නිළිය වූ මාලිනි ෆොන්සේකාට ද අභියෝගයක් වූ දෙනිපිටිය විතානගේ සුමනා අමරසිංහ ඉකුත් සඳුදා අප අතරින් නික්ම ගියාය. හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල්ගත කර ඇති ඇය මියෙන විට 73 වැනි වියෙහි පසුවූවාය. මහනුවර රණවන දී උපත ලබා ඇති සුමනා අමරසිංහ පාසල් වේදිකාවේ රඟමින් 1964 වසරේ දෙහිවල පැවති අවුරුදු කුමාරි තරගයෙන් මුල් තැන දිනා ගනිමින් 1965 වසරේ “මිස් මේරේ ලාල්” ලෙස ද කිරුළු පැළඳුවාය. ඇයට සිනමාවේ දොර හැරෙන්නේ එවකට පැවති ජනතා පුවත්පතේ “ලස්සන මුහුණු” තරගයෙන් දෙවැනි තැන ලබා ගැනීමත් සමගය. රුබි ද මෙල්ගේ “පිපෙන කුමුදු” චිත්‍රපටයේ ප්‍රථම රංගනය ඉදිරිපත් කළ ඇය රෝයි ද සිල්වා සමග විවාහ වීමෙන් පසු “සුනේත්‍රා”, “සූකිරි කෙල්ල”, “ඔබයි මමයි” වැනි චිත්‍රපටවලින් ජනප්‍රියත්වයට පත් වූවාය. “රෑන ගිරව්”, “දැන් මතකද”, “මේ දෑස කුමටද”, “ලොකුම හිනාව”, “ටොම්පචයා”, “සුදු පරවියෝ”, “කඩවුණු පොරොන්දුව නව නිෂ්පාදනය”, “තණ ගිරවි” “ගෙදර බුදුන් අම්මා” වැනි චිත්‍රපට ගණනාවක රංගනය කළ ඇය “ටොම්පචයා”, “තණ ගිරවි”, “සුදු පිරුවට”, “චෙරියෝ ඩොක්ටර්” වැනි චිත්‍රපට ගණනාවක් නිෂ්පාදන කළාය.

සිනමා අඹරෙන් බැස ගිය තාරකාවිය

ජනප්‍රිය සිනමා නිළියක ලෙස පමණක් නොව ඇය සිනමා ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විසල් කාර්යයක් කර තිබෙන්නීය. එම විසල් මෙහෙවර සිංහල සිනමාවේ කිසි දිනක නොමියෙන මතකයන් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment