සිනොවැක් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් ලැබෙයි

138

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට පරිත්‍යාග කිරීමට එරට රජය විසින් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත තොගය මෙරටට පරිත්‍යාග කරන බවද තානාපති කාර්යාලය පවසයි.

සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නතය. අගෝස්තු අවසානය වන විට රටවල් 50කට පමණ මාත්‍රා කෝටි 180ක් ඉල්ලා ඇති අතර ඉන් කෝටි 140 ක් මේවනවිට සපයා ඇතැයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment