සිඳී ගිය සිනහ ගඟුල බර්ටි

216

දශක කිහිපයක් ම මුළු රටක් සිනහ ගැස් වූ” බාල” තරුණ” මහලූ කාගේත් ආදරය දිනාගත් විකට රජා බර්ටි ගුණතිලක පසුගිය 6 වැනිදා උදෑසන අභාවප‍්‍රාප්ත විය.

 පුතුන් දෙදෙනකු හා දූවරුන් දෙදෙනකුගේ පියකු වූ බර්ටි ගුණතිලක මිය යන විට 98 වන වියේ පසු විය. ගමේ ගොඬේ” කෝපි කඬේ” කඩ පිලේ අනුන් හිනැස්වීමට විකට කතා කියමින් සිටි බර්ටිගේ එකම විනෝදාංශය වූයේ උපහාසාත්මක කතා කීමය.

 1956 ගුවන් විදුලියේ ‘සිංගප්පූරු නැන්දා. නමින් විකට වැඩසටහනක් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිය දී අවසානයේ හිටිහැටියේ එම වැඩසටහන නතර කරන්නට සිදු වූයේ කවුදෝ හතුරකු ඊට නඩු පවරන ලෙස දන්වා සිටීම හේතුවෙනි. ඒත් එය තමාගේ රචනයක් බව බර්ටි ඔප්පු කළේය.

 වෘත්තීය සමිති නායකයකු විකටයකු වේ යැයි කවුරුවත් නොසිතූ වේලාවක බර්ටි ගුණතිලක නමින් විකටයකු බිහි විය.

 බර්ටි ගුණතිලක යනු ලේඛකයෙකි. සිංහල බෞද්ධයා” සිංහල බලය” සිංහල ජාතිය” ලංකාදීප ඔහුගේ විශේෂාංග රැුගත් එකල ජනපි‍්‍රය පුවත්පත්ය. මීමන පේ‍්‍රමතිලක මහතා හමුවීමෙන් පසු ඔහු ලේක්හවුස් ආයතනයේ රැුකියාවට ගියේය. එහි දී වෘත්තීය සමිති නායකයකු ලෙසින් වර්ජනයක් මෙහෙය වීම මත පැය 24ක් තුළ ඉල්ලා අස්විය.

සිඳී ගිය සිනහ ගඟුල බර්ටි



 ‘ලංකාදීප.යේ විනෝදාවලිය ලිවීමේ දී ලද අත්දැකීම් මත විකට ශිල්පියකු වීම මැනවයි සිතූ බර්ටි ගුවන් විදුලියට එකතු වීමට ඉටා ගත්තේය.

 1956 දී ‘මේ කවුද?. නමින් වැඩසටහනක් කරන්නට බර්ටිට අවස්ථාව ලැබිණි. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක” කොල්වින් ද සිල්වා” ආචාර්ය එන්. එම්. පෙරේරා” සයිරස් ඩබ්. සුරේන්ද්‍ර” බඹරැුන්දේ සිරි සීවලි හිමියන්ගේ කටහඬ ඔහු අපූරුවට අනුකරණය කළේය. ඒ මෙසේය.

 ‘‘අග‍්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා කළ කතාවක් ලෙසින් 1956 තමුන්නාන්සේලා අපව බලයට පත් කළා. නොයෙකුත් ප‍්‍රශ්න ඇති වුණා. ඒත් අපි රාජ්‍ය භාෂාව සිංහල කළා. එන්. එම්. පෙරේරා මහත්තයා කියනවා මට වලිගයක් නැහැ කියලා. නෑ නෑ මහත්වරුනි ඒ කතාව වැරදියි. මට වලිගයක් තිබෙනවා. ගොන් – ගොන් – ගොන්..

 ඒ අවධියේ ගුවන් විදුලි හා ප‍්‍රවෘත්ති ඇමැතිව හිටියේ මරික්කාර් නමැති මහත්මයෙකි. බර්ටිට දැඩි සේ අවවාද කළ ඔහු වැඩසටහන නතර කළේය. මෙය දැනගත් අග‍්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ‘‘ඒක වැරදියි එයා නිදහස් විකට ශිල්පියෙක්. ඔහුට වැඩසටහන දෙන්න.. යැයි දන්වා තිබිණි.

 බර්ටි ඔහුගේ මිත‍්‍ර සැමුවෙල් රුද්‍රිගු” ඇනස්ලි ඩයස් සමග එකතු වී කරන ලද ගුවන් විදුලි විකට වැඩසටහන්වල දී ඇතැම්විට පිටපතක් නැත. එහෙත් මේ තිදෙනා කට පාඩමෙන් මෙන් කරනා විකට වැඩසටහන් ගුවන් විදුලියෙන් ඇසෙද්දී බොහෝ දෙනා පුටු පෙරළා ගෙන සිනාසෙති. ඒ ඔවුන්ට සිනහව නතර කර ගන්නට බැරිවය.

 බර්ටි කරන ලද උපහාසාත්මක කතා අපූරු නිර්මාණ” දශක කිහිපයක් ගත වුවත් අදටත් සමාජය තුළ මතකයේ පවතී.

 ‘‘ඌ මට ගැහැව්වා” මට ඌ ගැහැව්වා.. යන කියමන අදටත් සමාජය තුළ පවතී. අතර මඟ බස් රථයක හෝ වෙනත් රථයක ගියත්” බර්ටි ඒ අතර සිදුවන දේ කතාවට ගොතාගෙන අපව හිනැස්සු කතා ලිවීමට ගියහොත් පත‍්‍රයක ඉඩ මදි වේවි. අඟුලාන සිට කොළඹ බලා එන බසයක පච්ච කෙටූ ගණන්කාරයෝ දෙදෙනෙක් ‘‘ඌ මට ගැහුවා… මට ඌ ගැහුවා….. යනුවෙන් කළ කතාබහ අළලා කියූවකි. පසු දවසක මෙම උපහාසාත්මක කතාව අසන්නට ලැබුණු ගණන්කාරයෝ දෙදෙනා බලපන්කො අපේ කතාව බර්ටියා කියනඑකා ගුවන් විදුලියෙන් කියලනෙ” යැයි කතා වී ඇත.

සිඳී ගිය සිනහ ගඟුල බර්ටි



 කොළඹ වේදිකා නාට්‍යවල මේ තුන් කට්ටුවට හොඳ ඉල්ලූමක් තිබුණි. වරක් බර්ටි මර්සි එදිරිසිංහ සමග අඹු – සැමි ගෝරිය නාට්‍යයේ ද සරම කඩාගෙන වැටෙනවා.

 ඇත්තට සිදු වුණ මේ සිදුවීම වසා ගන්නට සරම ඔළුවෙ ඔතාගෙන යට ඇඳුම පිටින් ඇතුළට ගියේ අනික් දවසෙ බීලා කියලා බැන්නොත් ගෙදර එන්නේ මෙහෙමයි කියාගෙනය. වරදක් සිදු වුණත් වේදිකාවේ දී ඒක මඟ

 හැරගෙන නාට්‍ය ලෝලීන් පිනවීමට ඔහු තුළ තිබුණේ අපූරු හැකියාවක්.

 විනෝද සමය නන්දන වින්දන තුළින් බර්ටි අප සිනා සයුරක ගිල්වූ ශිල්පියෙකි. ‘සිකුරු ලියා.” ‘ජීවන ගංගා.” ‘සමාජ සතුරෝ.” ‘චූඩා මාණික්‍යය. ඔහු රඟ පෑ චිත‍්‍රපට කිහිපයකි.

 අපට හිටිය දක්ෂ” ප‍්‍රවීණ විකට ශිල්පීන් තිදෙනාගෙන්” සැමුවෙල්” ඇනස්ලි අප හැර ගොස් ඉතිරිව සිටියේ බර්ටි අයියා පමණි. ඇඹිලිපිටිය වැනි ඈත පළාතක පදිංචිව සිටිය දී ‘හෙන්රි මල්ලියේ මං ගැන මොකවත් ලියන්න කීව අවස්ථාවේ ‘දිවයින. පත‍්‍රයේ ලිවීමෙන් පසු ‘‘මම නැවත උපන්නා.. කියූ බර්ටි අයියා නැවත එසේ නො අසනු ඇත.



 හෙන්රි ප‍්‍රියශාන්ත මෙන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment