සිපෙට්කෝ භූමිතෙල් මිල – රු.50 කින් බහී

39

සිපෙට්කෝ ඉන්ධන හල් මගින් නිකුත්කරන ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50.00 කින් සහ කාර්මික භූමිතෙල් (කර්මාන්ත සඳහා භාවිත කරන) මිල රුපියල් 134.00 කින් ඊයේ (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. අනෙකුත් ඉන්ධන වල මිල ගණන් නොවෙනස්ව තබා ගැනීමට ද පියවර ගෙන තිබේ.

ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 355.00 සිට රුපියල් 305.00 දක්වාත්, කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464.00 සිට රුපියල් 330.00 දක්වාත් අඩුකර ඇත. පෙට්‍රල් 92 ඔක්ටේන් රුපියල් 400.00 ක්ද, ඔක්ටේන් 95 රුපියල් 510.00 ක්ද, ලංකා සුදු ඩීසල් රුපියල් 405.00 ක්ද, ලංකා සුපිරි ඩීසල් රුපියල් 510.00 ක්ද ලෙස මිල නොවෙනස්ව පවතියි.

මිල සංශෝධන පිළිබඳව ඉන්ධන හල් හිමියන් සහ සිපෙට්කෝ සාමාජිකයන් දැනුවත් කර තිබෙන බවත් ඉන්ධන නිකුත්කිරීම තවදුරටත් ූඍ ක්‍රමයට සිදු කළ යුතු බවත් ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දී ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment