සිපෙට්කෝ මිලත් ඉහළට

335

ලංකා ඛනිජ තෙල් සංස්ථා (සිපෙට්කෝ) ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට අදාළ තීරණය නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබිණි.

මේ වනවිට තෙල් සංස්ථාව අලෙවි කරන සෑම පෙට‍්‍රල් ලීටරයකින්ම රුපියල් 80 ක් ද, සෑම ඞීසල් ලීටරයකින්ම රුපියල් 128 ක පාඩුවක් ලබන බව සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

එනිසා ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවද ඒ මහතා කීය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ, මහ බැංකුව සහ ඛනිජ තෙල් අමාත්‍යාංශයත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් අතර තීරණාත්මක සාකච්ඡා සිදුවන අතර මධ්‍යම රාති‍්‍රයේදී මේ සම්බන්ධ තීරණය ප‍්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේදී තෙල් සංස්ථාව කියා සිටියේය.

ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල ගණන් වැඩි කිරීමත් සමඟ අයි. ඕ.සී. ඉන්ධනහල්වලට වඩා සිපෙට්කෝ අලෙවිසල්වල ඞීසල් ලීටරයක මිල රුපියල් 93 කින් හා පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 77 කින් අඩු නිසා සිපෙට්කෝ ඉන්ධනහල්වල ඉල්ලූම සියයට සියයකින්ම ඉහළ ගොස් තිබේ.

ඉන්දීය තෙල් සමාගම ඉකුත් මාස කිහිපයේදී ඔවුන්ගේ ඉන්ධන මිල ගණන් තුන්වරක් ඉහළ දැමූ අතර, පෙරේදා (10 දා) මධ්‍යම රාත‍්‍රි සිට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඞීසල් ලීටරයක මිල රුපියල් 75 කින් සහ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දැමීය. මේසා විශාල ගණනකින් මෙරට තෙල් මිල ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව ඞීසල් මිල ඉහළ යෑමේ ප‍්‍රතිශතය සියයට 54 කි. පෙට‍්‍රල් මිල ඉහළ යෑමේ ප‍්‍රතිශතය සියයට 27 කි.

මේ අනුව ඉන්දීය තෙල් සමාගම මෙතෙක් රුපියල් 139ට අලෙවි කළ ඞීසල් ලීටරයක මිල රුපියල් 214 දක්වා වැඩිකර ඇත. මෙතෙක් කල් රුපියල් 204ට අලෙවි කරනු ලැබූ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 254 දක්වා වැඩිකර ඇත.

නව මිල ගණන්වලට අනුව 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 254 ක් වුවත්, එක්ස්ට‍්‍රා පි‍්‍රමියෝ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 263 කි.

ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 214 ක් වුවත් එක්ස්ට‍්‍රා ඔයිල් පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 220 කි. ප‍්‍රිමියම් 95 ලීටරයක මිල රුපියල් 283 කි. සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 252 කි.

කෙසේ වෙතත් ඊයේ (11 දා) සවස් වනතුරු ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමා නොතිබුණ අතර, සිපෙට්කෝ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 177 කි. ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 207 කි. ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 121 කි. සුපර් ඞීසල් ලීටරයක මිල මිල රුපියල් 159 කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 කි.

ඉන්දියන් තෙල් සමාගම භූමිතෙල් අලෙවි නොකිරීම විශේෂත්වයකි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව කොටස් තුනකට කඩා ඉන් කොටසක් අයි ඕසී සමාගමට ලබාදීමට අදාළ ගිවිසුම 2009 වසරේ අවසන් වූ පසු ඉන්දීය සමාගමට ඔවුනට අභිමත පරිදි මිල සංශෝධනයට බලය ලැබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment