සිපෙට්කෝ ෂෙඩ් වර්ජනය රිවස් කරයි

162

තෙල් සංස්ථාව විසින් සිපෙට්කෝ ඉන්ධනහල් සඳහා ලබාදී තිබූ කොමිස් මුදලින් කොටසක් කපා හැරීම නිසා ඉන්ධන ඇණවුම් කිරීම නතර කිරීමට සිපෙට්කෝ ඉන්ධනහල් ඊයේ (04 දා) කටයුතු කර තිබුණත් විෂය භාර ඇමැතිවරයා සමග සිදුකළ සාකච්ඡාවකින් පසු එම තීරණය වෙනස් කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පැවසීය.

පෙරේදා (03 දා) ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ලබාදුන් ඉන්ධනහල් හිමියන් 130 ක පමණ පිරිසකගෙන් කොමිස් මුදලෙන් කොටසක් ලෙස ලක්‍ෂ 300 ක් පමණ කපාගැනීම නිසා ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීම නතර කළ බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සමග ඊයේ දහවල් සාකච්ඡා කළ බවත් එහිදී ඇමැතිවරයා කපාගත් මුදල නැවත ලබාදීමට එකඟවීම නිසා නැවත ඉන්ධන ඇණවුම් කිරීමට ඉන්ධනහල් හිමියන් කටයුතු කළ බව ද ඔහු කීය. කෙසේ වෙතත් පෙරේදා (03 දා) සහ ඊයේ දහවල් වනතෙක් සිපෙට්කෝ ඉන්ධනහල් හිමියන් ඉන්ධන නිසි වෙලාවට ඇණවුම් නොකළ නිසා ඇතැම් ඉන්ධනහල්වල දින දෙකක පමණ වාහන පෝලිම් ඇතිවීමේ හැකියාවක් පවතින බව ද ඔහු කියා සිටියේය.

චමින්ද සිල්වා, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment