සිපෙට්කෝ IOC යෙන් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 6000 ක් මිලදී ගනී

476

අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා ඛනිජ තෙල් සංස්ථාව මුදල් ගෙවා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 6000ක් ලබා ගැනීමට කටයුතු කර තිබේ.

එම ඉන්ධන තොග ප‍්‍රවාහන, ආරක්‍ෂක, රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරන බව බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

අත්‍යවශ්‍ය සේවා සපයන බලපත‍්‍ර සහිත ආයතන සඳහා මෙම ඞීසල් තොගය බෙදාහැරීමට කටයුතු කෙරේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment