සිම්බාබ්වේ එයි – පුහුණුකරුට කොවිඞ්

190

ශී‍්‍ර ලංකාව සමගින් පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා පැමිණි සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු ලාල්වන්ඞ් රාජ්පුත් කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ. එම කණ්ඩායම ඊයේ (10 වැනිදා) අලූයම දිවයිනට පැමිණීමෙන් පසු සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේදී මේ බව සනාථ වී තිබේ.

සිම්බාබ්වේ එයි - පුහුණුකරුට කොවිඞ්



වෛරසය ආසාදිත සිම්බාබ්වේ පුහුණුකරු හුදෙකලා කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර කණ්ඩායමේ අනෙකුත් කී‍්‍රඩකයින් හට අදාළ වෛරසය ආසාදනය වී නොමැති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය ලබන 16 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment