සිම්බාබ්වේ පරදා නෙදර්ලන්තය ජය ගනී

97

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ (02 වැනිදා) සමත් විය.

 සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමින් නෙදර්ලන්තය මෙම ජයග්‍රහණය ලැබූ අතර එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 117ක් ලබා ගත් අතර නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 120ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

 නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 52ක් ලබා ගත් මැක්ස් ඕඩවුඩ් තරගයේ වීරයා බවට පත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment