සිමෙන්ති මිල රු. 100 කින් බස්සයි

678

INSEE සංස්ථා හා INSEE ප්ලස් නිපොන්, ටෝකියෝ සුපර් ඇතුළු සියලුම කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

එම මිල අඩු කිරීම ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව එම සමාගම කියයි.

වර්තමානයේ සිමෙන්ති කොට්ටයක් අලෙවි වනුයේ රුපියල් 3200කටය. එය රුපියල් 100 කින් අඩු කළ විට සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 3100ක් වේ.

සිමෙන්ති බෙදාහැරීමේ අලෙවි නියෝජිතයකු ඊයේ (04 දා) ‘දිවයින’ට සඳහන් කර සිටියේ ගතවූ වසර 2ක කාලය තුළ ඉතා අසාධාරණ ලෙස සිමෙන්ති මිල අවස්ථා කීපයකදීම ඉහළ දැමීම හේතුවෙන් ජනතාව සිමෙන්ති මිලදී ගැනීම සඳහා නොපැමිණෙන බවය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment