සියදිවි හානිකරගන්න හිතුණ වාර අනන්තයි අ: නුෂාගේ අතීතාවර්ජනය

624

හය හතර නොදැන සමාජයට අඩිය තියන සුන්දර තරුණියකට අවසානයේ වෙන්නේ දරුවෙක් එක්ක ලෝකය ඉදිරියේ තනි වෙන්න. එවැනි දරුවෙක් එක්ක තනි වුණ ගැහැනියකට මේ සමාජයේ මොන තරම් නම් ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවද? පසුගිය දවසක කන්දක් තරම් එවැනි ප‍්‍රශ්න ගොන්නකට මැදි වුණ ගැහැනියක් අපට හමුවුණා.

 ඇය ජීවිතය නමැති නෞකාවේ ප‍්‍රශ්නවලින් මිරිකිලා ඒවාට තනිවම විසඳුම් සොයාගෙන ජීවත් වෙනවා. හැබැයි අද වෙනකොට ඇය මේ දේවල් සමාජයට කියලා තවත් තරුණියක ගේ එහෙමත් නැති නම් කාන්තාවකගේ ජීවිතයට ආලෝකයක් ලබාදෙන්න තනිවම සටන් කරනවා. ඇගේ ජීවිතයේ වැරදුණ තැන් ගැන තව කෙනෙකුට කියලා දෙන ‘‘මමයි ඔබේ යෙහෙළිය’’ සංවිධානයේ සභාපතිනිය ද ඇයයි.

 මමත් ගැහැනියක්, දරු උපතක්, විසිදැල වැනි ආන්දෝලනාත්මක චිත‍්‍රපට රැසක රඟපෑ ඇය ආබාධිත තත්ත්වයකට පත්ව රෝද පුටුවකට වී දිවි ගෙවනවා. ඛසෙැ ීඑහකැ අපි අනුෂා සොනාලි නමැති ඇගේ ජීවිත කතාව ඔයාලට කියන්න හිතාගෙන ඇගේ නිවහනට ගොඩ වැදුණා.

 * අනුෂා සොනාලි ජීවිතය දුටු ආකාරය

 අද තමයි මම ජීවිතය හරියටම තේරුම් අරගෙන තියෙන්නේ.

සියදිවි හානිකරගන්න හිතුණ වාර අනන්තයි අ: නුෂාගේ  අතීතාවර්ජනය



 * අනුෂා සොනාලි සමාජගත වීම

 යම් යම් කාලවලදී මම එක එක විදිහට මැව්වා. මම මුල් අවධියේ ආපු ගමන එක දිගටම නඩත්තු කරගෙන ගියා නම් මම හිතන්නේ එක එක වකවානුවල එක එක කතා නිර්මාණය වෙන්නේ නැහැ. මට ගුරුහරුකම් දෙන්න මගේ ළඟින් හොඳ යාළුවෙක් හිටියේ නැහැ. ඒක නිසාම මම හැමදෙයක්ම හරි සැහැල්ලූවෙන් ගත්තු කෙනෙක්.

 * කලාව ජීවිතයට කළ බලපෑම

 කලාව මගේ ඇගෙන්ම ආපු දෙයක්. මම අවුරුදු දෙකහමාරෙදී හිතත් හොඳයි. වැඩත් හොඳයි. චිත‍්‍රපටයේ පොඩි කොටසක් රඟපෑවා. ඒකත් එක්කම ඉස්කෝලේදී පුංචි කාලේ ඉඳලාම හැදෑරුවේ නැටුම් විෂය. ඒක මගේ ඇගෙන්ම තිබුණ දෙයක්. මම ලොකු වුණහම මොනවද කරන්නේ කියලා කවුරු හරි ඇහැව්වමත් මම කියන්නේ මම නිළියක් වෙනවා කියලා. ඕක තමයි මගෙන් ආපු උත්තරය.

 * සිනමාව සහ ජීවිතය

 සිනමාව සමග ගෙවුණු ජීවිතය හරිම සුන්දරයි. මම ක්‍ෂේත‍්‍රයට ආවේ 90 දශකයේ. ඒ කාලේ දැන් වගේ නෙමෙයි. අපි එක පවුලක් වගේ තමයි හිටියේ. අද මට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක ගත්තොත් ඒ කාලේ වගේ නෙමෙයි අපි තවම ප‍්‍රවීණයන්ට ගරු කරනවා. මම අද ඒ දේවල් දකින්නේ නැහැ.

සියදිවි හානිකරගන්න හිතුණ වාර අනන්තයි අ: නුෂාගේ  අතීතාවර්ජනය



 * ජීවිතය සහ යථාර්ථය

 දෙවියන් වහන්සේට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව මවලා මට ජීවන හුස්ම ලබාදීලා මේ ලෝකේ මාව තිබ්බාට. අපි මනුස්ස ශරීරයක් අරගෙන ඇවිත් ඉන්නේ බොහොම ටික කාලයකට. ඒ ටික කාලයේ මට ලබාදුන් මහා විශාල අත්දැකීම් ගෝනනක් මා තුළ තියෙනවා. හැමෝටම ආදරය කරනවා. කා එක්කවත් කිසි වෛරයක් නැහැ. හැමෝටම පේ‍්‍රම කරනවා.

 * ආදරය දුටුව ආකාරය

 මම ගොඩක් ආදරය කරලා තියෙන කෙනෙක්. නමුත් පෙරළා මට ඒ දේ ලැබිලා නැහැ. දැන් මට ආදරය ලැබිලා තියෙනවා. ඒ මම හොයපු ආදරය. දෙවියන් වහන්සේ තුළින් මට ඒ දේ ලැබුණා. ඒ ලැබෙන ආදරය, රැුකවරණය මට එදා ලැබුණා නම් බොහෝ දුරට මගේ ජීවිතයම වෙනස් වෙන්න ඉඩ තිබුණා.


 * මගේ ජීවිතයට මම ආදරය කළේ

 මගේ ජීවිතයට මම ආදරය කරන්න පටන් ගත්තේ මේ මෑතකදී. ඒ මට ජේසු හමුවුණාට පසුවයි.

 * තව කෙනෙකුගේ ආදරය දැනුණ ආකාරය

 පොඩි කාලේ ඉඳලම මට ඒක දැනුණා. මම ඒක හෙව්වා. මම ආදරය කළාට කවුරුවත් මට ආදරය කළේ නෑ.

 * පිරිමියෙකුගේ ආදරය ජීවිතයට බලපෑ හැටි

 ගොඩක් සම්බන්ධකම් තිබුණා. කාලෙන් කාලෙට විවිධ සම්බන්ධතා තිබුණා. අපි හැමෝටම ආදරය කියන දේ අවශ්‍යයි. කාටත් ආදරය නැතිව ජිවත් වෙන්න බෑ. පෙරළා ඒ ආදරය අපිට ලැබෙන්න ඕනෑ. මම ලබාදුන්නු තරම් ආදරයක් මට ලැබුණේ නැහැ.

 * ආදරයෙන් අයුතු ප‍්‍රයෝජන ගත් අවස්ථා

 ආදරයෙන් බැට කෑ වාර අනන්තයි. අප‍්‍රමාණයි. ඒ වගේම මගේ ආදරයෙන් අයුතු ප‍්‍රයෝජන ගත් අවස්ථාත් එමටයි. ඇත්තටම ලොකු කලකිරීමක් තිබුණා. සමාජය කෙරෙහි වගේම ජීවිතය කෙරෙහි ලොකු කලකිරීමක් තිබුණා. වෛරයක් කියලා දෙයක් තිබුණෙ නැහැ. ඉතින් මම හැම තිස්සේම හිතුවේ මේක මගේ දෛවයේ ලියලා තිබුණ දෙයක් වෙන්නැති කියලා. ලැබෙන්නේ නැති දෙයක් කොහොමත් ලැබෙන්නේ නැහැනේ.

 * ජනපි‍්‍රයත්වය ජීවිතයට දැනුණ ආකාරය

 මම ක්‍ෂේත‍්‍රයට ආපු දවසේ ඉඳලා අද වෙනකම් ඒ ජනපි‍්‍රයත්වය එක ලෙසම පවතිනවා. දැන් මම අවුරුදු ගණනාවක් ගිහිල්ලා රඟපෑවේ නැති වුණත් අනුෂා සොනාලි කියලා කිව්වහම අදටත් මාව මිනිස්සු හඳුනනවා. ඒ ජනපි‍්‍රයත්වය තියෙනවා.

 * ජීවිතයේ වැරදුණ තැන්

 මට මගේ ජීවිතයේ වැරදුණ තැන් ගොඩක් තියෙනවා. ජීවිතයේ අපිට ගොඩක් තැන්වල වැරදුණේ හරි දේ කියලා දෙන්න, ගුරුහරුකම් ලබාදෙන්න කෙනෙක් හිටපු නැති හින්දා. ඒ දේවල් තිබ්බේ නැති නිසයි මෙහෙම වුණේ.

 * ජය ගැනීම්

 ඇත්තටම මගේ ජීවිතය ජයගන්න ඕනෑ කියලා හිතුණේ මගේ පුතා සමග මම තනි වුණ වෙලාවේ. ඒක තමයි මට තිබුණ ලෝකය. ඒ මගේ දරුවා. එයාව හදාගන්න මම ගොඩක් දුක් වින්දා. මම ගැහැනියක් වශයෙන් තව කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා. මම ජීවිතයේ පසුබැසීමක් වුණේ නැහැ. මට අදටත් ඇවිදින්න බැරි වුණත්, එකතැන් වෙලා රෝද පුටුවේ ඉන්නේ කියලා කලකිරීමක් නැහැ. මගේ දරුවා වෙනුවෙන් අදටත් මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම කරනවා.

 * තාඩන, පීඩන, ගැරහුම් වලට ලක්වුණ අවස්ථා

අම්මා කෙනෙක්, දරුවෙක් එක්ක තනි වුණහම ඒ ජීවිකාව අරගෙන යන්න කොච්චර නම් තාඩන පීඩනවලට ඒ අම්මා ලක් වෙනවාද? අද කාලෙ වුණත් කොච්චර තාඩන, පීඩන මැද්දේ ද අපි ජීවිතය අරගෙන යන්න ඕනෑ. ඒක ලොකු විභාගයක්.

 * දරුවා සමග තනිවුණ වෙලාවේ

 ඒ කාලේ මම රඟපාලා හම්බ වෙන මුදලෙන් තමයි දරුවා ජීවත් කළේ. ඒ කාලේ මට සම්බන්ධකම් තිබුණා. ලොකුවටම කියලා ප‍්‍රශ්න තිබුණෙත් නැහැ.

 * කාන්තාවකට සමාජයේ තිබෙන තැන

 කාන්තාවකට තිබෙන තැන අපිම තමයි නැති කරගෙන තියෙන්නේ. අපි හිතනවා අපිට පිරිමියෙක් නැතිව දෙයක් කරන්න බැහැ කියලා. නමුත් බැරි නැහැනේ. කාන්තාවක් නැති නම් ලෝකයත් අද නැහැනේ. අම්මා කෙනෙකුගෙන් නේ අපි හැමෝම ඉපදිලා තියෙන්නේ. ගැහැනිය සමාජයට අත්‍යවශ්‍යයි.

 * ජීවිතය හැර යන්න හිතුණ අවස්්ථා

 ප‍්‍රශ්නවලින් මිරිකුණ හැම අවස්ථාවකදීම ජීවිතය දාලා යන්න හිතුවා. සියදිවි හානිකර ගන්න හිතුණ වාර අනන්තයි. අප‍්‍රමාණයි. දෙවියන් වහන්සේට අපි කෙරෙහි සැලැස්මක් තියෙනවා. මගේ ජීවිතයේ මම ගොඩක් අත්දැකීම් ලබලා තියෙනවා. මට තව කෙනෙකුව නඟා සිටුවන්න පුළුවන් ඒ අත්දැකීම් තුළින්. ඒ අත්දැකීම් මට ලබාදීලා තියෙන්නේ මිනිසුන්ව ගලවාගැනීම සඳහා කියලයි. ඒ හින්දම මම යෙහෙළිය නමින් කාන්තා සංවිධානයක් පවත්වාගෙන යනවා. ඒකෙන් මම දන්න ගොඩක් දේවල් සමාජයට බෙදලා දෙනවා.

 * ගැහැනියකගේ ජීවිතය

 ගැහැනියක් හරි සුන්දරයි, හරි ලස්සනයි කියන දේ නෙමෙයි බලන්න ඕනෑ. ගැහැනියක් කියන්නේ හරි ශක්තිවන්තව සිටිය යුතු චරිතයක්. හරියට ගෙදරක අත්තිවාරම වගේ. ඒ අත්තිවාරම නැතිව අපිට ගෙයක් හදන්න බැහැ. ඉතින් මම දකින ගැහැනිය කියන්නේ ගෙදරක අත්තිවාරමක්. අඳුරට ආලෝකයක් වගේ. ගැහැනියක් නැති නම් අඳුරේ තමයි.

 * අද ගෙවන ජීවිතය

 මොන ප‍්‍රශ්නය ආවත් සැලෙන්න බැහැ. අපි ශක්තිමත් විය යුතුයි. ඕනෑම ප‍්‍රශ්නයකට විසඳුම් තියෙනවා. අනික ඕනෑම ප‍්‍රශ්නයක දෙපැත්තක් තියෙනවා. මිනිස්සු මොන විදිහට හිතුවත් අපිට කමක් නැහැ. ඔය කතාන්දර කියන අය අපිට කන්න අඳින්න දෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ හොඳ නරක මොකද්ද කියලා තමන්ම තේරුම් අරගන්න ඕනෑ. සතුරව මුලින්ම හඳුනගන්නත් ඕනෑ. සොබාදහම සමග ඕනෑම ප‍්‍රශ්නයක් කතා කරන්න. එවිට අපිට පිළිතුරු ලැබෙනවා.


 දිනේෂ් විතාන




advertistmentadvertistment
advertistmentadvertistment