සියඹලා ගහකට නැග්ග මැදවච්චියේ  ගොවියෙක් මාරාන්තික විරෝධතාවක

113

මියැදෙන වගාවට වතුර ගන්න ඉන්ධන ලබා දෙන්නැයි

දින 05 ට ආසන්න කාලයක් ඉන්ධන පෝලිමේ සිටියත්, තමාට ඉන්ධන නොලබුණ බව පවසමින් සහ අවුරුද්දකට ආසන්න තම වගාවන්, ඉන්ධන නොමැති කමින් ජල මෝටර මගින් ජලය ලබාදීමට නොහැකිව මියයමින් තිබෙන බවත් පවසා මැදවච්චිය නගරයේ ඉන්ධන හල ආසන්නයේ පිහිටි සියඹලා ගහකට නැග්ග ගොවි මහතෙකු මාරාන්තික විරෝධතාවක පසුගිය 24 දා සවස සිට නිරත වුණි.

වයස අවුරුදු 65 ක් පමණ වන මෙම ගොවි මහතා දින 5ක් ඉන්ධන ලබා ගැනීමට පැමිණි බවත්, ඔහුට ඉන්ධන නොලබුණ බවත් පවසා මෙසේ විරෝධතාවයේ නිරත වූහ.

මේ පිළිබඳ මැදවච්චිය පොලිසිය දැණුවත් කළ අතර එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායම එම විරෝධතාකරු ගසෙන් බස්සවා ගැනීමට විවිධ උත්සහයන් දැරූ අතර ඒවා නිෂ්පල වූහ.

අනතුරුව ප්‍රදේශවාසීන් සහ පෞද්ගලික ඇඟලුම් කම්හලක නියෝජිතයන් පැමිණ එම ගොවි මහතා හට ඉන්ධන ලබාදීමට කටයුතු කරමින් විරෝධතාව නවතා ලීමට කටයුතු කළේය.

මැදවච්චිය – ගයාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment