සියඹලා වෙළෙන්දෙක්ට දැඩි ඇප කොන්දේසි

253


මිනිස් ආහාරයට නුසුදුසු සියඹලා කිලෝ ග්‍රෑම් 6000 ක් අලෙවි කිරීමට සූදානම් කොට තිබූ යාපනය නගරයේ වෙළෙන්දෙකු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ඇත.
යාපනයේ නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත ඔහු සිය නිලධාරින් සමග ගොස් අදාල වෙළද සැල සෝදිසියට ලක් කොට තිබේ.
යාපනය මුස්ලිම් පල්ලිය පාරේ පිහිටි එම වෙළද සැලේ ගබඩා කොට තිබූ සියඹලා තොගයට පණුවන් ගසා තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකාවරයා අධිකරණයට දැණුම් දීමෙන් පසුව එම සියඹලා තොගය විනාශ විනාශ කරණ ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment