සියරට දේ සිරිසැප දේ අපට වලංගු නැද්ද?

348

විවිධ හේතු නිසා මේ වනවිට අභාවයට යමින් පවතින දේශීය කර්මාන්ත නගාසිටුවීමට රජය මැදිහත් වන බවට මැතිවරණ කාලවලදී ප‍්‍රකාශ කළ ද තවමත් ඒ පිළිබඳව හරියාකාරව උනන්දුවක් නොදැක්වීම පිළිබඳව පන් කර්මාන්තයේ යෙදී සිටින, කළුතර දිස්ති‍්‍රක්කයේ ගම්මන, කොටපාත, පන්තොට, ගලතර ආදී ගම්මාන රාශියක ජනතාව ප‍්‍රකාශ කරති.

  • ඒ පිළිබඳව අදහස් දක්වන පන් කර්මාන්තයේ යෙදී සිටින එස්. කරුණාවතී මහත්මිය,

වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත්වෙන මා දැන් වයස්ගතවී සිටියත්, පැදුරු විවීමේ යෙදී සිටිනවා. තරුණ කාලයේ සිටම මලූ පැදුරු වියල අපි හොඳ ආදායමක් ගත්තා. ප්ලාස්ටික් භාණ්ඩ ආවට පස්සේ අපේ ආදායම අඩු වුණා. ඒ වුණත් ඒවාට බලපාන අහිතකර පාරිසරික හේතු නිසා පන් ආශි‍්‍රත භාණ්ඩවලටත් තරමක ඉල්ලූමක් තිබෙනවා.එහෙත් අපට පන් සොයා ගැනීමේ අපහසුතාවයන් තිබෙනවා. ඒ නිසා ප‍්‍රදේශයේ පුරන් වෙමින් පවතින කුඹුරුවල පන් වගාකිරීමට අවසර ඉල්ලා සිටියද, එය තවමත් හරිහැටි සාර්ථක වුණේ නැහැ. ඒ නිසා අඩු මිලට සායම් වර්ග

ලබාගැනීමට මෙන්ම ඉඩම් ගැටලූව විසදීමට රජයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිනවා.

  • පේ‍්‍රමදාස අධිකාරී මහතා

මා ප‍්‍රදේශයේ ජීවත් වන විශ‍්‍රාමික උපාධිධාරී ගුරුවරයෙකි. 1950 දශකයේ සිටම මෙම ප‍්‍රදේශය මලූ, පැදුරුවලට විශාල ප‍්‍රසිද්ධියක් තිබුණා. එමෙන්ම වැටකෙයියා ශාක පත‍්‍රවලින්, විවිධ පන් ආශි‍්‍රත භාණ්ඩ නිෂ්පාදනය කරන අන්දම කියාදීමට ශී‍්‍ර ලංකා හස්තකර්මාන්ත මණ්ඩලය මගින් ඉත්තෑපාන ප‍්‍රදේශයේ පුහුණු

මධ්‍යස්ථානයක්ද ආරම්භ කර තිබුණා. එම ගොඩනැ`ගිලි මේ වනවිට ගරාවැටෙමින් පැවතීම බෙහෙවින්ම කනගාටුදායකයි.

එබැවින් රජයේ අදාළ බලධාරීන් මැදිහත් වී මෙම කටයුතු නැවත ආරම්භ කිරීමට කි‍්‍රයාකොට ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ට හොඳ ආදායම් මාර්ගයක් ඇතිකර ගැනීමට අවස්ථාව

සලසාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

  • වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් සිතාරා උදයාංගනී මහත්මිය,

ප‍්‍රදේශයේ ගම්මාන වල බොහෝ කාලයක් තිස්සේ සාර්ථකව පවත්වාගෙන ගිය පන් ආශි‍්‍රත කර්මාන්තය නගාසිටුවීම සඳහා රජයේ අවධානය යොමුවී තිබෙනවා. රාජ්‍ය ඇමැති ප‍්‍රසන්න රණවීර මහතා ද, පසුගියදා ප‍්‍රදේශයේ සංචාරය කරමින් ඒ පිළිබඳව සොයා බැලූවා. ඒ අනුව පුරන් කුඹුරුවල පන් සිටුවීමට අවසර ලබාදීමට කටයුතු කිරීමටත් ජාතික ශිල්ප සභාවේ සහාය ලබාගෙන ඒ සඳහා මුදලින් ආධාරයක් කිරීමට ද කි‍්‍රයාකරන බවට, රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇතැයි ද ඒ මහත්මිය පැවසීය.

විල්සන් විජේරත්න – ඉත්තෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment