සියල්කොට් නීතිවේදීහු කෙළින් තීන්දුවකට – ප‍්‍රියන්ත ඝාතකයන් වෙනුවෙන් අපි නැහැ

453

ප‍්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නීතිඥ සහාය ලබා නොදීමට සියල්කොට් නීතිඥ සංගමය තීරණය කර ඇත.

ප‍්‍රියන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු සේවය කළ රාජ්කෝ කර්මාන්තශාලාවේ සේවකයින් 345ක් අත්අඩංගුවට ගෙන වෙනම ස්ථානවල රඳවා ඇති බව එරට මාධ්‍ය කියයි. මෙයින් 34ක් ත‍්‍රස්ත විරෝධී අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාර ගතකර තිබේ.

ප‍්‍රියන්ත කුමාර ඝාතනය වූයේ ඉකුත් 03 වැනිදා පෙරවරුවේ වන අතර පෙරේදා (8 දා) ගනේමුල්ලේදී ඔහුගේ අවසන් කටයුතු සිදුවිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment