සියල්ලදත් අමල්ට තෙත්තියන් ගැන කියාදුන් හැටි

938

අමල් කුඩා කල සිට ම පණ්ඩිතයෙකි. නොදන්න දෙයක් නැත. ඒ කියන්නේ සියල්ලදත්ය. අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටි ඔහු පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියා කුලී වැඩට ගියේ වයසට වඩා මුදල්වල අවශ්‍යතාව අනවශ්‍ය දේවල්වලට යොමුව සිටි නිසාය.

‘‘මචං, පේ‍්‍රමතිලක බාස් උන්නැහෙ ලොකු කොන්ත‍්‍රාත්තුවක් අරගෙන. තට්ටු හතර පහක හෝටලයක් හදන්න අරන්. මටත් අඩ ගැහුවා. ගෝලයො ඉන්නවා නම් එක්කර ගෙන එන්නත් කියලා කීවා’’ සුගත් පැමිණ අමල්ව ද රැගෙන ගොඩනැඟිල්ලේ වැඩට ගියේ බ‍්‍රහස්පතින්දාය.

අමල්ගේ පණ්ඩිතකම නිසා ඔහු හෙඩ් බාස්ගේ භූමිකාවට පණ පොවන්නට ගත්තේ වැඩ පටන් ගෙන විනාඩි කිහිපයකට පසුවය.

මේසන් බාස්ලා, සැටලිම් බාස්ලා, වඩු බාස්ලා කිහිපදෙනකු යටතේ ගෝලයෝ වැඩය.

‘‘අමල් පට්ට පණ්ඩිතයෙක්. මූ නොදන්න දෙයකුත් නෑ. දන්න දෙයකුත් නෑ’’ සුනිල් බාස් එහෙම කීවේ ජයේ බාස්ටය.

අපි හොඳ වැඩක් කරමු. අමල් කඬේට ගිහින් තෙත්තියන් අරන් වරෙන්.

යතුරුපැදියේ නැඟුණ අමල් ධම්මිකා හාඩ්වෙයාර් එකට ඉගිල්ලිනි.

‘‘අක්කේ තෙත්තියන් තියෙනවද?’’ අපේ හාඩ්වෙයාර් එකේ නම් නෑ.

හන්දියේ ඇති. අමල් හන්දියේ හාඩ්වෙයාර් හාඩ්වෙයාර් එකක් පාසා ගියේය. ටයිල් කඩවලට ගියේය. බැරිම තැන සිංහල බෙහෙත් බඩු කඩෙන් ද විමසීය.

තෙත්තියන්, ‘‘අපි දන්නෙ නෑ’’ හැමෝම කීවේ ඒ ටිකය.

බාස් උන්නැහැ තෙත්තියන් කොහෙවත් නෑ. සියලූ දෙනා සිනාසුණේ ඇස්වල කඳුළු උනන තුරුය. පණ්ඩිත අමල්ට පොළොව පළාගෙන යන්න හිතුණේ නොදන්න දේවල් තියෙන බව අවබෝධ වූ නිසාය.

‘‘තෙත්තියන් තියනවා කියන්නෙ කියතෙ තල ගාන ඒකට’’ සුනිල් බාස් කීවේ සියල්ල දන්නවා වගේ හැසිරෙන්නේ නැතුව ඉගෙන ගනින් පුතේ කියමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment