සියලුදෙනා එක්වී එජාපය ජයග‍්‍රහණය කරා ගෙන යමු – එජාප 75 වැනි සංවත්සරයේදී රනිල් පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලයි

109

සියලූ දෙනා එකතුවී පක්‍ෂය ජයග‍්‍රහණය කරා ගෙන යමුයැයි එජාප පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (5 දා) ප‍්‍රකාශ කළේය.

සියලුදෙනා එක්වී එජාපය ජයග‍්‍රහණය කරා ගෙන යමු - එජාප 75 වැනි සංවත්සරයේදී රනිල් පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලයි

ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂයට වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ඊයේ (5 දා) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ සූම් තාක්‍ෂණය ඔස්සේ පාක්‍ෂිකයන් දැනුවත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

පක්‍ෂයේ 75 වැනි සංවත්සරය අදට (6 දාට) යෙදී තිබෙන අතර ඊට සමගාමීව පක්‍ෂයේ දිවංගත නායකයන්ට සහ ජනතාවට සෙත්පතා ඊයේ රත්මලාන පරමධම්ම විහාරස්ථානයේදී සර්ව රාති‍්‍රක ධර්ම දේශනාවක් ද ආරම්භ කෙරිණි. සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

නවීන තාක්‍ෂණය ඔස්සේ යන ක‍්‍රමවේද පරිහරණය කරන්න එක්සත් ජාතික පක්‍ෂය කිසි ලෙසකින්වත් බියවන්නේ නැහැ. මෙතෙක් කල් පවත්වාගෙන ආ භෞමික ක‍්‍රමවේදයෙන් ඔබ්බට යමින් මාර්ගගත ක‍්‍රමවේදයකට තමයි අපේ පක්‍ෂ සම්මේලනය අද පවත්වන්නේ. අප ඔබේ ජංගම දුරකථනයට අපේ පණිවුඩය දෙනවා. සූම් තාක්‍ෂණය භාවිතකරමින් ජනතාව අමතන්න අපේක්‍ෂා කරනවා.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment