සියලු කැපකිරීම්  කිරීමට සූදානම් – විපක්ෂ නායක සජිත් කියයි

217

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාවලියත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝධනයත් අතර විශාල පරස්පරතාවක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම යෝජනා පදනම් කර ගනිමින් ප්‍රගතිශීලී ඉදිරි පියවර රැසක් ගැනීමට කටයුතු කරන බව ද ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා කියා සිටියේය.

වත්මන් අර්බුදයට ප්‍රමුඛතම හේතුව ඒකාධිපති විධායක ජනාධිපති ධුරය බව පැවසූ විපක්ෂනායකවරයා එය වහාම අහෝසි කළ යුතු බව ද සත්කාරක පාර්ශ්වයන් ලෙස මේ කටයුත්තට මැදිහත් වන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින බව ද පැවසූ විපක්ෂ නායකවරයා, රටට ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දීමට සමගි ජනබලවේගය තබන ප්‍රගතිශීලී වෑයමට සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

මේ මොහොතේ වැදගත් වන්නේ තනතුරු ලබා ගැනීම ද නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා වැදගත් වන්නේ සමාජ හා ජාතික වගකීම ඉටුකිරීම බව ද පැවසීය.

ඒ වෙනුවෙන් කළ හැකි සියලු කැපකිරීම් කිරීමට තමන් සූදානම් බව ද හෙතෙම කියා සිටියේය.

රට ඉදිරියට යෑමට නම් 21 වැනි සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත්, වහාම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් ඒ මත පදනම්ව ඕනෑම අභියෝගයක් භාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා කීය.

අකිත පෙරේරා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

 

advertistmentadvertistment
advertistmentadvertistment