සියලු ග්‍රාමසේවා වසම්වලදී ‘අලුත් ගමක්-අලුත් රටක්’ සංකල්පය ක්‍රියාවට නංවයි

99

රටේ ආහාර සුරක්‍ෂිතතාව ඇති කරමින් ආර්ථික හා සමාජයීය වශයෙන් ශක්තිත් කිරීම සඳහා ‘අලුත් ගමක්-අලුත් රටක්’ ජාතික ඒකාබද්ධතා වැඩසටන ග්‍රාම සේවා වසම් 14022 තුළම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මෙම ජාතික වැඩසටහන 2023-2025 තුන් අවුරුදු සැලැස්මක් අනුව සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේදී කෘෂිකර්මය, කර්මාන්ත, සත්ත්ව නිෂ්පාදන, පුද්ගලයානුබද්ධ සේවා ඇතුළු අංශ කිහිපයකට ප්‍රමුඛතාව ලබාදෙයි.

මේ සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පවත්වන ලදි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment