සියලු ගෙවීම් කාඩ්පත්වලින් කොන්දොස්තරලා නැති බස් සේවාවකට නියෝගයක් ඉල්ලා උසාවි යනවා – ගැමුණු විජේරත්න

399

පවතින තත්ත්වය යටතේ කොන්දොස්තරවරුන් ඉවත් කර භෞතික මුදල් හුවමාරුවකින් තොරව පෙරගෙවුම් කාඩ්පතක් භාවිතා කර බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියෝගයක් ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (22 දා) මාධ්‍ය හමුවකදී පැවසීය.

එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් මගීන්ට බස් ගාස්තුවලට අදාළව යම් සහනයක් ලබා දීමට කටයුතු කළ හැකි බව ද හෙතෙම කීය.

එසේම, පවතින ඩීසල් හිඟය හේතුවෙන් ඊයේ පෞද්ගලික බස් රථ ධාවනය කිරීමට හැකි වූයේ සියයට 40ක් පමණක් බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment