සියලු ජාතීන්ගේ සමගි සංවිධානයෙන්  වීරෝධාර රණවිරුවන්ට උපහාර සන්නස්පත්‍ර

71

සියලු දෙනා එක්ව සමගිව වැඩ කිරීම තුළින් අභියෝග ජය ගත හැක. මාතෘ භූමියට පැමිණි අභියෝග එලෙසින් ජයගෙන භෞමික අඛණ්ඩතාවය, ඒකීයභාවය සුරක්ෂිත කරනු වස් දිවි පරදුවට තැබූ වීරෝධාර රණවිරුවන් උදෙසා උපහාර සන්නස්පත්‍ර ප්‍රදානය, සියලු ජාතීන්ගේ සමගි සංවිධානයේ වාර්ෂික මහා සභා පත්වීම් ප්‍රදානය සහ වියළි සලාක ලබාදීමේ වැඩසටහන පසුගියදා මාතර හක්මන රාහුල මෝටර් ගොඩනැගිල්ලේ දී පැවැත්විණි.

සියලු ජාතීන්ගේ සමගි සංවිධානයෙන්  වීරෝධාර රණවිරුවන්ට උපහාර සන්නස්පත්‍ර

එම අවස්ථාව සඳහා සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දේරා, මාතර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි, මාතර බන්ධනාගාර අධිකාරි සමන් ප්‍රියදර්ශන, උදයංග මල්ලවආරච්චි පූජකතුමන් ඇතුළු සම්භාවනීයයන් එක්ව සිටියහ. මහාචාර්ය ශ්‍රීමත් සාගර කරුණාතිලක ශූරීන්ගේ අනුශාසකත්වයෙන් සියලු ජාතීන් සමග සංවිධානයේ සභාපති ආචාර්ය නිශාන්ත දර්ශන මහතා උත්සවය සංවිධානය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment