සියලු දොස් දුරු කරගන්න පංචායුධය නිසි ලෙස පලඳවන්න

394

ජාතක කතාවේ දැක්වෙන පංචායුධ කුමාරයා ආශ්‍රිතව ගැනුණු පංචායුධය පුරාණයේ සිට ම කුඩා දරුවාගේ ආරක්‍ෂාව ප්‍රාර්ථනා කර පලඳවන උතුම් ආභරණයකි. රවුම් ඕවලාකාර, බෝපත්, ධම්මචක්‍රය හැඩයෙන් රනින් සාදන මෙම පංචායුධයේ දුන්න, ත්‍රිශූලය, කඩුව, චක්‍රායුධය හා හක්ගෙඩිය ඇතුළත් කොට ඇත.

මෙම පංචායුධ ද දරුවාට පලඳවන්නේ ඔහුගේ ආරක්‍ෂාව සඳහා ය. පලඳවන්නේ දරුවා ඉපදී දින හතෙන්, විසිඑකෙන් හෝ හතළිස්පහෙන් වීම සම්ප්‍රාදයයි. නැතිනම් මාස තුනක් වූ පසු ද අශුභයක් නැත. පංචායුධයට මැණික් ගල් ද යොදන්නේ නම් ඒවා ලස්සනට, හිතුමතේට නොකළ යුතුයි. මැණික් ගල් ඔබ්බවා සකස් කරන්නේ නම් මේෂ ලග්නයට රතු මැණික් හෝ රතු කොරල්, වෘෂභයට පච්ච (මරකත) කටකයට සුදු මුතු හෝ චන්ද්‍රකාන්ත, සිංහයට පද්මරාග, කන්‍යාවට පච්ච, වෘශ්චිකයට රතු මැණික් හෝ රතු කොරල්, ධනුට පුෂ්පරාග, මකරයට ඉන්‍ද්‍රනීල, කුම්භයට ඉන්‍ද්‍රනීල, මීනයට පද්මරාග යන මැණික් වර්ග දරුවාගේ ලග්නයට ගැළපෙන ලෙස යොදා පැලඳිය යුතුයි.

එමෙන් ම දරුවාගේ නැකත අනුව ද නැකතට හිමි මැණික් ගල් යොදා ගත හැකිය. කේතුට හිමි අස්විද, මා, මූල නැකතක් නම් වෛයිරෝඩි ද, සිකුරුට හිමි පුවපල්, පුවසල, බෙරණ, නැකතක් නම් දියමන්ති හෝ සුදු නිල ද, රවීට හිමි කැති, උත්‍රපල්, උත්‍රසල් නැකතක නම් පද්මරාග ද, සඳුට අයත් රෙහෙන, හත, සුවණ නැකත් නම් සුදු මුතු හෝ චන්‍ද්‍රකාන්ත ද, කුජට අයත් මුවසිරස, සිත, දෙනට, නැකත් සඳහා රතු මැණික් හෝ රතු කොරල් ද රාහුට අයත් අද, සා, සියාවස නැකත් සඳහා ගෝමේ ද, ගුරුට අයත් පුනාවස, විසා, පුවපුටුප නැකත් නම් පුෂ්පරාග ද, සෙනසුරුට අයත් පුෂ, අනුර, උත්‍රපුටුප, නැකුත් නම් නිල් ගලක් ද (ඉන්‍ද්‍රනීල) බුධට අයත් අස්ලිස, දෙට, රේවතී නැකත් නම් පච්ච ගලක් යොදා පැලඳීමෙන් දරුවාගේ ග්‍රහයන්ගේ ව්‍යසනකාරී කිරණ තුළින් දරුවාට පීඩා නොදේ. විශේෂයෙන් ම දරුවාට ඇතිවන ඇස්වහ, කටවහ, හෝවහ දෝෂ හා ග්‍රහදෝෂ, බාලගිරි දෝෂ දුරු වේ. වෙනත් යක්‍ෂ, භූත, ප්‍රේත දෝෂ ද දරු වේ.

කුඩා ළමයින්ට පලඳන පංචායුධ මෙම ස්ත්‍රෝතය 108 වරක් කියා මතුරා ගෙල පලඳින්න.

  1. ඊප්සා සහශ්‍රාරී සඛාතිති වාම්
    සුදර්‍ශ නම් භාස්කර කොටතුල්‍යම්
    සුරදී විෂාම් ප්‍රාණ විනාග විෂ්ණු
    චක්‍රං සදාහං සරණං ප්‍රපfi
  2. විෂ්නොර් මුඛොත්‍ථා නිල ඩුරිතශ්‍ය
    යස්‍යර්‍ධ නුර්දානච දර්‍පහන්තා
    තං පාක්‍දවිජත්‍යම් ශසිකොටි ශුභ්‍රම්
    සංඛං සදාහං සරණං ප්‍රපfi
  3. අක්‍ෂ්‍යෙ සුරාණාම් කර්‍ධතොග්‍ර කංඨෙ
    ජෙදං ජිරං ශෙර්‍ණ තදීඩ දාරම්
    ථං නන්‍දකම් නාමහරි ප්‍රදීප්තං
    ඛඩ්ගං සදාහං සරණං පුපfi
  4. ගඡ්ඡාති නාදා ශ්‍රවති සූරානාම්
    චෙනාම් විනිර්මුක්ත භයානිසi
    භයන්ති දෛතතරි සමාන පරි
    සාරං සදාහං සරණං ප්‍රපfi
  5. හිරණ්‍යස්මෙරු සමාන සාරම්
    කෞ මොදකි දෛත්‍ය කුලසික හන්ති
    වෛකුංඨ චාමාග්‍ර කරාහී අෂ්ඨාම්
    ගදාය දාහං සරණං ප්‍රපfi
  6. සංඛංච චක්‍රංච ගදාච නන්‍දකම්
    සාරං තේජං ධ්‍රත විෂ්ණු රූපං
    තං පූ ංඩරී කාක්‍ෂ මුදාර සත්‍යම්
    විෂ්ණූර් සදාහංසරණං ප්‍රපfi
  7. ඉමම්හරේ පංච මහාහී ධානම්
    සෙථයං පඨ්ද්යොන දිනඃ ප්‍රභාතෙ
    සමස්ත දුඃඛාණි භයානී සiඃ
    නස්‍යන්ති පාපානි සුඛානි සන්ති

8 වනෙරෙණෙ ශැතැ ජලාග්නි මධ්‍යෙ
යද්‍රිච්ඡ යායස්සු මහාභයෙසූ
ඉදං පඨෙත් ස්ත්‍රෝත්‍ර මනාකුලාත්මා
සුඛීභවෙත්සඃ ක්‍රතසර්‍වරක්‍ෂඃ

මෙම ස්ත්‍රෝත ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරයි. පංචශීලයේ පිහිටා පිරිසිදුව ජපකර පලඳවන්න. තවද මෙම මන්ත්‍රයෙන් 108 වර කියා කරේ බඳින්න.

“බ්‍රහ්මා විෂ්ණූෂ්වරුද්‍රාශ් වස් කන්දො වෛශ්‍රවනස්ථා රක්‍ෂන්තු චරිතං බාලං මූචන්තු කුකුමාරකම්.”

එමෙන්ම ‘ඛයං විරාගං අමතං පණීතං” යන ගාථාවෙන් 21 වර මතුරා බැඳීමෙන්ද, දරුවාට ආරක්‍ෂාව ගෙන දේ. පංචායුධය දරුවාගේ නාභිය, නැත්නම් පෙකණිය දක්වා දිගට වැටෙන ලෙස පැලඳවීම පැරැණි සිරිතකි. ‘යළි යක්බූ පිසස් – නවග්‍රහ සමග සැමදොස් – නොවදින ලෙස නිදොස් – සා ගෙලලනු රකින් යුද පස් කියා ඇත. පැලැඳීමේදී ශුභ දිනයක් නැකතක් යොදා ගැනීම ශුභඵල දේ. නැතිනම් දරුවාට කතා කිරීමට ඇවිදීමට බාධා ඇතිවන බවත්, රන් භාණ්ඩ ළඟ තැබීමේ වාසනාව නැතිවන අතර ඒවා බැංකුවල උකස් කිරීමට සිදුවන බව කියා ඇත.

සියලු දොස් දුරු කරගන්න පංචායුධය නිසි ලෙස පලඳවන්න

ඉඳුවර ගෞරව සම්මානනීය,
ජ්‍යොතිෂ විද්‍යාජෝති, ගුප්ත විද්‍යාර්කීර්ති,
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
දුරකථනය :- 0770730062

advertistmentadvertistment
advertistmentadvertistment