සියලු පහසුකම් ලැබුණත්  මහ ඡන්දයකට මාස 4 ක්වත් ඕනෑ

155

– ඡන්ද අපේක්ෂකයන්ට ජනතාව අතරට යෑමත් ප්‍රශ්නයක් – මැ. කො. සභාපති

රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව ඉන්ධන, මුදල් ඇතුළු සියලු පහසුකම් ලබාදුන්නත් මහ මැතිවරණයක් පැවැත්වීමට මාස 4 ක කාලයක් වත් මැතිවරණ කොමිසමට අවශ්‍ය බව එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) පැවසීය.

රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මහ මැතිවරණයක් පැවැත්වීමට හැකි වාතාවරණයක් නැති බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් පළමුවෙන්ම ජනතාව මුහුණදී ඇති ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර මිල ඇතුළු දේ සඳහා විසඳුම් ලබාදිය යුතු බවත් ඒ මහතා කීය.

සියලුම භාණ්ඩ හා සේවා අධික ලෙස මිල ඉහළගොස් ඇති නිසා මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට රුපියල් කෝටි 1000 කට අධික වියදමක් දැරීමට සිදුවන බවත් මුදල් ලබාදුන්නත් ඉන්ධන ඇතුළු අනෙකුත් පහසුකම් අපහසුවකින් තොරව ලබාගත හැකි තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබිය යුතු බවත් පුංචිහේවා මහතා කියා සිටියේය.

විශේෂයෙන් මේ අවස්ථාවේ මහජන නියෝජිතයන් ලෙස ඡන්ද අපේක්ෂකයන්ට ජනතාව අතරට යා හැකි ද යන්නද විමසා බැලිය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment