සියලු ප්‍රශ්නවලට එකම විසඳුම මහ ඡන්දයකින් අලුත් ආණ්ඩුවක් – අනුර කුමාර කියයි

232

 රටේ පවතින වත්මන් දේශපාලන හා ආර්ථික අවස්ථාවරභාවයට පිළියම් සෙවිය හැක්කේ මහ මැතිවරණයකට යෑමෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

 ජාතික ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේය.

 මෙහිදී තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

 ජනතාවගේ ඉල්ලීම් හාස්‍යයට භාජනය කරන්නට පටන් ගත්තා. ගාමිණී ලොකුගේ තෙල් ඇමැති කියන්න පටන් ගත්තා ෂෙඩ්වල තෙල් පිරිලා. ජනතාවට ඒත්තු ගියා තවදුරටත් මේ පාලකයාගෙන් සහන ඉල්ලලා වැඩක් නැහැ ජනාධිපතිට අපි කිරි පිටි දෙන්න කිව්වට ගෑස් ටික දෙන්න කිව්වට තෙල් දෙන්න කිව්වට මේ ආර්ථික අර්බුදය විසඳන්න කිව්වට වැඩක් නැහැ. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර දෙන්න කිව්වට වැඩක් නැහැ. ජනතාව අන්තිමේදී කිව්වේ මොකක්ද ඕගොල්ලන්ට තවදුරටත් මේවා කියලා වැඩක් නැහැ කරුණාකරලා ගෝඨාභය යන්න කියලයි. ගෝඨාට ගෙදර යන්න කියනකොට ගෝඨාගේ ගෙදර රනිල් ගියා. එතකොට සමාජය හිතන්නේ මොකක්ද, දැන් විසඳයි කියලා.

 පළමුකොට මේ දෙන්නට අපේ රට පාලනය කරන්න අයිතියක් නැහැ. ජනාධිපතිවරයා කියන්නේ කවුද? මුළු රටම යන්න කියන කෙනා. අගමැති කියන්නේ කවුද? ගිය මහඡන්දයේදී යවපු කෙනා. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදයටත් පටහැනි පාලනයක්. දැන් ආයේ පරණ පුරුදු සෙල්ලම් පටන් අරගෙන තියෙන්නේ.

 අගමැතිවරයා පත්කරලා සතියකින් විතර ඇමැතිවරුන් 4 දෙනකු පත්කළා. ආයෙ සතියක් විතර ගිහින් 9 දෙනකු පත්කළා. මීට කලින් මෙහෙම කළාද? ආණ්ඩුව පත්කළා කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නා. රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දුන්නා ආණ්ඩුව දුවනවා. මට ආරංචි වුණා සඳුදා (23දා) තව කීපදෙනෙක් පත්කරනවා කියලා. මොකක්ද මේ කරන්නේ. ඇම දාන්නේ. හතරදෙනකුට දීලා පෙන්වනවා. එනවනම් ඉක්මනට එන්න සජිත්ගේ පක්‍ෂයේ දෙන්නෙක් ගත්තා. තව තියෙනවා. එනවනම් ඉක්මනට එන්න. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පක්‍ෂයක් හැටියට ලියලා කිව්වා අප සහය දෙන්නම් කියලා. ඒත් හොරෙන් ගත්තා.

 ඊයේ නිමල් සිරිපාල, සඳුදා මහින්ද අමරවීර තව ඕනේනම් ලසන්ත, දුමින්ද දිසානායක, චාමර සම්පත් දැන් අර පක්‍ෂවලින් අරගෙන අර පැරණි සූදුවට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අස්ථාවරභාවය අවසන් කළ හැකිවන්නේ ජනතාවට නව ආණ්ඩුවක් ගොඩනඟාගැනීම සඳහා මහමැතිවරණයක් ලබාදීමෙන් විතරයි.

advertistmentadvertistment
advertistmentadvertistment