සියලු පාසල්වල 10-11-12-13 ශ්‍රේණි හෙට ඇරැඹෙයි

134

දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල්හි 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට (08 දා) සිට ආරම්භ වේ. ඊට අදාළ උපදෙස් ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

එම චක‍්‍රලේඛයට අනුව අදාළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩලය හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කළ යුතුය.

ගැබිනි කාන්තාවන් සහ වයස අවුරුද්දට අඩු දරුවන් සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් සේවයට කැඳවීමට අවශ්‍ය නොව්. රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට කැඳවීමට හැක්කේ අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණි. පාසල් ආරම්භ කරන මුල් දින කිහිපයේ සිසුවියන් සඳහා පාසල් නිල ඇඳුම අනිවාර්ය නොවේ.

පාසලට පැමිණීමට සුදුසු ඇඳුමකින් පැමිණීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිකුත් කළ එම චක‍්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment