සියලු සරසවි ලබන මස ඇරේ

117

මෙරට සියලු විශ්වවිද්‍යාල ලබන මාසයේ (සැප්තැම්බර්) විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් වසා දැමුණු අතර, මේ වනවිට මාර්ගගත ක්‍රමයට විභාග සහ දේශන කටයුතු සිදු කෙරේ. ඇතැම් විශ්වවිද්‍යාලවල සිසුන් කාණ්ඩ වශයෙන් ගෙන්වා අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතී.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙන ඇති තීරණයට අනුව විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන් යළි විවෘත කිරීමට කටයුතු කළහොත් එය වසර දෙකකට අධික කාලයකට පසු විශ්වවිද්‍යාල විවෘත වීමකි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment