සියලූ ගුරුවරුන්ට අගෝස්තු සිට පාසල් එන්න කියයි

680

පාසල්වල අධ්‍යාපන කටයුතු ලබන මස සිට ආරම්භ කිරීමට අදහස් කරන බැවින් සියලූම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අගෝස්තු මස සිට සේවයට කැඳවීමට අදහස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (21 දා* පැවසීය.
 
 අගෝස්තු මස සිට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් මුලින්ම පටන්ගෙන එය ක‍්‍රමක් ක‍්‍රමයෙන් වැඩිකිරීමට අදහස් කර තිබෙන නිසා ඊට අදාළ සැලසුම් සකස් කිරීම සඳහා විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ගෙන්වීමට අමාත්‍යාංශය අදහස් කරගෙන සිටින බවද ඔහු කීය.
 
 ගුරු විදුහල්පතිවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම ද සාර්ථකව සිදුකර තිබෙන නිසා ගුරුවරුන් පාසල්වලට ගෙන්වා ගැනීමේදී අවදානමේ අඩුවක් පවතින බවද ඔහු කීය.
 
 ගුරු විදුහල්පතිවරුන් වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සිසුන්ට ‘ඔන් ලයින්’ අධ්‍යාපනය ලබාදීම ද නවතා දමා ඇති බවත් එයින් සිසුන්ට මහත් අසාධාරණයක් සිදුවී අති බවත් ඔහු කීය.
 
 ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා ලබන සඳුදා (26 දා* කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඔහු කීය. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 30 ක් වැයවන බවත් කී එම නිලධාරියා වර්ෂයකට සිසුන්ට පොත්පත් ලබාදීම සඳහා රුපියල් බිලියන 06 ක් ද, නිල ඇඳුම් ලබාදීම සඳහා රුපියල් බිලියන 05 ක් ද වැය කරන බවද පැවසීය.
 
– චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment