සියලූ වෛද්‍ය වෘත්තීය සමිති එක මේසයකට කැඳවන්න – ජී.එම්.ඕ.ඒ. ඇමැති කෙහෙළියට ලියයි

246

වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ මේ වනවිට පවතින ගැටලූ පිළිබඳව සාකච්ඡා කර විසඳුම් ලබාගැනීම සඳහා සියලූ වෛද්‍ය වෘත්තීය සමිති සහ සංගම් එක මේසයකට කැඳවන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විසින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමු කර ඇත. ඉකුත් දිනවල ක‍්‍රියාත්මක වූ වැඩවර්ජන හා එයට මුල් වූ ඉල්ලීම් පිළිබඳව සියලූ වෘත්තීය සමිති සම`ග පුළුල් ලෙස සාකච්ඡා කිරීම වැදගත් කරුණක් වනු ඇතැයි ද එම ලිපිය මගින් සෞඛ්‍ය ඇමැතිවරයාට දන්වා ඇත. වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ සැබෑ ගැටලූ පිළිබඳව තොරතුරු මේ මොහොතේ අවහිර වී ඇති බවත් මේ වනවිට ලැබෙන තොරතුරු මත පැනනැ`ගී ඇති චිත‍්‍රය වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ පවතින ගැටලූවලින් අංශු මාත‍්‍රයක් (Tip of lce Burge) පමණක් වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතාගේ අත්සනින් යුත් ඇමැතිවරයාට යොමු කළ අදාළ ලිපියෙහි සඳහන් වේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment