සියලූ සිසුන් එන්නත් නොකර පාසල් ඇරඹීම අවදානම්

112

කොවිඞ් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින්ගේ වැඩිවීමක් සමාජය තුළ දක්නට ලැබෙන නිසා පාසල් දරුවන් පූර්ණ එකඟතාවයකින් තොරව ඉතිරි ශ්‍රේණි විවෘත කිරීම නැවත රට තුළ කොවිඞ් ව්‍යාපාරයකට හේතුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (04 දා) ප‍්‍රකාශ කළේය.

ඉකුත් කාලසීමාවට සාපේක්ෂව කොවිඞ් රෝගීන්ගේ පැහැදිලි අඩුවක් රටේ දක්නට ලැබුණත් රෝග ලක්ෂණ නොපෙන්වන බහුතරයක් සමාජය තුළ සිටීම දැඩි අවදානම් සහිත තත්ත්වයක් යැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.

රටේ විශාල පිරිසක් පූර්ණ එන්නත්කරණයකට ලක්කර ඇතත් පාසල් දරුවන්ව පූර්ණ එන්නත්කරණයට ලක්කර නොමැති නිසා සියලූ ශ්‍රේණි ආරම්භ කිරීමට ප‍්‍රථම සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් විධිවිධාන ශක්තිමත් කළ යුතුව ඇතැයි ද කී වෛද්‍යවරයා කොවිඞ් ආසාදිතයන් සොයා අහඹු පරීක්‍ෂණ සිදු කිරීම රට පුරා සිදුකළ යුතු බව ද පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment