සියෙරා ලියොන් රාජ්‍යයේ අනතුරකින් බවුසරය පුපුරා 98 දෙනෙක් මරුට

242

බටහිර අප‍්‍රිකාවේ පිහිටි සියෙරා ලියොන් රාජ්‍යයේ අගනුවර වන ෆ‍්‍රී ටවුන් නගරයේදී ඉකුත් සිකුරාදා (05දා) රාත‍්‍රියේ ඉන්ධන බවුසරයක් හා ලොරියක් එකිනෙක  ගැටීමෙන් සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 98 දෙනකු මිය ගොස් තුවාල ලැබූවන් 92 දෙනකු රෝහල්ගත කර තිබේ.

 මෙම පිපිරීම සිදුව ඇත්තේ ඉන්ධන පිරවූ බවුසරයක් ඉන්ධන සැපයීම සඳහා ෆ‍්‍රී ටවුන් නගරයේ ජනාකීර්ණ චොයිට්හැම් සුපිරි වෙළෙඳසලට පිටතින් පිහිටි ඉන්ධන පිරවුම්හලකට ගිය අවස්ථාවේදීය. මෙහිදී එම පිරවුම්හල් භූමියේ තිබූ ලොරියක අදාළ බවුසරය ගැටී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් බවුසරයෙන් පිටතට කාන්දු වූ ඉන්ධන එකතු කරගැනීමට එතැනට රැුස් වූ ජනතාව විසින් තැත් කළ අවස්ථාවේදී ඉන්ධනවලට ගිනි ඇවිලීමෙන් අනතුර සිදුව තිබේ. ඉන්ධන බවුසරයෙන් කාන්දු වීමත් සමගම සිදු වීමට යන අනතුර ගැන ඉව වැටී එම ස්ථානයට රැුස් වෙමින් සිටි ජනතාවට එතැනින් ඉවත්වන ලෙසට බවුසරයේ හා ලොරියේ රියැදුරන් විසින් අනතුරු අඟවා තිබූ බව වාර්තා වේ. එම අනතුරු ඇඟවීම නොතකමින් ඉන්ධන රැුස් කරගැනීමට පොර කෑ බොහොමයක් දෙනා ගිනි ගැනීමෙන් මිය ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්ධන පිරවුම්හලට ආසන්නයෙන් ගමන් කරමින් තිබූ බස් රථයක් මෙම අනතුරින් සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් ඇති අතර අසල පිහිටි සාප්පු හා කඩ කාමර ද විනාශ වී ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment