සිය නිවස වැටලීම ගැන හිටපු ජනපති ට්‍රම්ප්  බයිඩන් රජයට සහ එෆ් බී අයි පොලිසියට නඩු පවරයි

150

ෆ්ලොරිඩාහි පිහිටි තම නිවස පරීක්ෂා කිරීම පිළිබඳව ඇමරිකාවේ හිටපු ජනපති ට්‍රම්ප් ඇමරිකානු රජයට සහ එෆ් බී අයි පොලිසියට එරෙහිව නඩු පවරා ඇත.

 ට්‍රම්ප්ගේ නීතිවේදී ජීම් බ්‍රස්ටි පැවසුවේ මේ පිළිබඳව විශේෂ විනිසුරුවකු විසින් විමර්ශනය කළ යුතු බවයි. එෆ් බී අයි පොලිසිය ආක්‍රමණකාරී ස්වරූපයෙන් දේශපාලන අරමුණක් ඉටු කර ගැනීමට තම නිවස වැටලූ බව ට්‍රම්ප් පළ කළේය. මේ අතර 2024 ජනපතිවරණයට තමා ඉදිරිපත් වීම ව්‍යාර්ථ කිරීම සඳහා නිවස වටලා ඇතැයි ට්‍රම්ප් සඳහන් කළේය. ෆ්ලොරිඩා අධිකරණය හමුවේ ට්‍රම්ප් මේ නඩුව ගොනු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment