සිය හැටවන සංවත්සරය සමරමින් වෝග් ජුවලර්ස්, Royal Majestic Collection නවතම ස්වර්ණාභරණ එකතුවක් එළි දක්වයි

155

පරම්පරා ගණනාවක කාන්තාවන් තව තවත් සුරූපී කරමින්, ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ පෙර ගමන් ගනිමින්, නව මානයන් කරා දිදුලමින් ඉදිරියට යන වෝග් ජුවලර්ස්හි හැටවන සංවත්සරය පසුගියදා මහත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

කොළඹ, ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවත්වූ වෝග් ජුවලර්ස් හැටවන සංවත්සරයේදී Royal Majestic Collection නමින් නවතම ස්වර්ණාභරණ එකතුන් ත්‍රිත්වයක් හඳුන්වාදෙන ලදි.

එය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වර්ණාභරණ සන්නාම බලපත්‍රය සහිත කැරට් 22 ස්වර්ණාභරණ සන්නාමය වන වෝග් ටස්කර් කලෙක්ෂන් එකතුවේ තුන් වන අදියරය ලෙස හඳුන්වාදෙන රෝයල් මැජස්ටික් කලෙක්ෂන්, බීරළු රේන්ද අනුසාරයෙන් නිමවූ වෝග් ලේස් කලෙක්ෂන් සහ වයිට් ගෝල්ඩ් හා රෝස් ගෝල්ඩ්වලින් නිමවූ වෝග් ඩයමන්ඩ් කලෙක්ෂන් ද ලෙස හඳුන්වාදෙනු ලැබිණි. ඊට අමතරව, Vogue Lotus Kandyan Bridal Jewellery නම් වූ කැරට් 22න් නිමවූ උඩරට මංගලාභරණ කට්ටලයක්ද ප්‍රදර්ශනය කරන ලදී. මෙම එළි දැක්ම දශක හයක් පුරාවට නව විලාසිතා සංකල්පයන්ට සහ අනන්‍යතාවයට මෙන්ම, සදාතනික අගයට මුල් තැන දෙමින් ස්වර්ණාභරණ නිපැයුමේ නිරත වෝග් ජුවලර්ස් සතු සහජ නිපුනත්වය මනාවට කියාපාන සංධිස්ථානයක් වේ. රෝයල් මැජස්ටික් එකතුව මෙතෙක් ඔබ නොදුටු ලෙස නිම වූ කැරට් 22 අතිවිශිෂ්ට දිගු මාල එකතුවකි. Pure Brilliance Swarovsky සුදු ගල් සහිත මාල මෙන්ම, වර්ණවත් මැණික් ගල් ඇල්ලූ සිත් වසඟ කරන මාල ද වේ. වෝග් ටස්කර් කලෙක්ෂන් පෙළේ ප්‍රථම එකතුන් දෙක මෙන්ම, විලාසිතාවට හැඩවීමට එහා ගිය, අනාගතය සුරක්‍ෂිත කිරීමට ඉවහල්වන නිසැක ආයෝජනයක් ලෙස විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි ලෙස නිපදවා ඇති මෙම එකතුවේ මාල, පෙනුමෙන් අනර්ඝයි, ප්‍රතාපවත්. එම එකතුව අන් සියල්ලෙන් සපුරා වෙනස් වනූයේ ඒවායේ පෙන්ඩන්ට් කොටස වෙන්කර, සරල චේන් එකක් සමඟද පැළඳිය හැකි බැවිනි. තවද, එහි ඇති ටැසල් වෙන්කර, දිගැති කරාඹු ලෙස පැළඳිය හැක. පරම්පරාවෙන් පරම්පරාවට තෑගි කිරීමටත්, දායාද කිරීමටත් ඉතා කදිම තේරීමකි රෝයල් මැජස්ටික් කලෙක්ෂන් එකතුවේ ඇති විවිධ මෝස්තරයන්ගේ නිර්මාණයන්.

ඡායාරූප- නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment