සිරකරුවන්ට සතියක නිවාඩුවක්

481


යහපත් කල් ක‍්‍රියාවෙන් සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා එක් සතියකට නිවාඩු ලබාදීමේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන සිරකරුවන් පිරිසක් පිළිබඳව සොයා බැලීම සඳහා අද පෙරවරුවේ සහභාගීවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බැව් පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ සුහඳ සාකච්ඡුාවක නිරත විය. එහිදී සිරකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් සිරකරුවන්ට මේ වන විට පවතින ගැටලූ‍ පිළිබඳව අදහස් දැක්වූ අතර එම සිරකරුවන් විශේෂයෙන්ම සඳහන් කළේ අභියාචනාවන් ඉදිරිපත් කිරීමේදී සිදුවන ප‍්‍රමාදයන් පිළිබඳව, යහපත් කල්ක‍්‍රියාවෙන් යුතුව සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා දඬුවම් අඩුකරගැනීම, පුනරුත්ථාපන ක‍්‍රමවේදය නිසිලෙස ක‍්‍රියාත්මක කිරීම සහ පොදු සමාව ලබාදීමේදී සියළුම සිරකරුවන් සඳහා එකම ක‍්‍රමවේදයක් ඇති කිරීම සහ සිරකරුවන් පිළිබඳව සහ ඔවුගේ පවුල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ක‍්‍රමවේදයක් සකසාදීම ආදී සිරකරුවන්ට බලපාන කරුණූ කිහිපයක් පිළිබඳවය.
සිරකරුවන්ගේ ගැටළු හා ප‍්‍රශ්ණ වලට සවන් දුන් අමාත්‍යවරයා සඳහන් කළේ දිගින් දිගටම වැරදි සිදුකරන මිනිසුන් මෙන්ම ජීවිතයේ එක් වතාවක් වැරදි කරන පුද්ගලයින්ද සිටින අතර එම වැරදි නිවැරදි කර ගැනීමට එක් අවස්ථාවක් සලසා දියයුතු බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ගැටලූ‍ සඳහා ලබාදිය යුතු විසඳුම් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමට වහාම ක‍්‍රියාත්මක වන බවත් එසේ අවශ්‍ය කටයුතු සලසා දෙන තෙක් මෙම උපවාසය අත්හැරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment