සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක්

141

සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේට යෙදී තිබූ සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇත.දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් පිරිසකට එම නිදහස හිමිව තිබේ.නිදහස හිමිවූ රැඳවියන් අතර කාන්තාවන් සිව්දෙනෙකු ද වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment