සිරකරුවන් බලන්න විශේෂ අවසර

294


සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම මස 16 දක්වා කාලය තුළ සිරකරුවන්ට අමුත්තන් බැලීම සදහා වි‍ශේෂ අවසරයක් ලබා දී ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

මෙම වි‍ශේෂ උත්සව අවස්ථාව වෙනුවෙන් එක් සිරකරුවෙකු බැලීම සඳහා ඔහුගේ ඥාතීන් තිදෙනෙකුට අවස්ථාව ලබා දී ඇත. ඥාතීන් විසින් නිවසේ දී සකස්කර රැගෙන එනු ලබන බත් පාර්සලයක් හා රස කැවිලි එක් සිරකරුවෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment