සිරදඬුවම් නියම වූ ප්‍රකට විද්‍යාඥයා මුදා ගන්න වෛද්‍ය විද්‍යා පර්යේෂකයෝ පෙරට එතිජේ. එම්. පී. ජයමහ

460

සිරදඬුවමකට යටත්ව මේ වන විට බන්ධනාගාරගත කර සිටින ප්‍රකට ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ජේ. එම්. පී. ජයමහ මහතාට ජනාධිපති සමාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට ඇමරිකාවේ සහ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් පිරිසක් තීරණය කර තිබේ.

බටහිර ඖෂධ රැසක හා කොරෝනා එන්නතක ද නිර්මාතෘවරයා වන ලෝක ප්‍රකට විද්‍යාඥයකු වූ ජයමහ මහතා මේ අන්දමින් සිරගතව සිටීම සම්බන්ධයෙන් එම රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන්, මෙරට ඇමරිකානු තානාපතිවරිය හා කැනඩා මහ කොමසාරිස්වරයා දැනුවත් කිරීමට ද ඔවුන් තීරණය කර ඇත.

ජයමහ මහතා සිරගතව සිටින බව ඉකුත් 8 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහය මගින් හෙළිදරව් කිරීමෙන් පසු තමන් ඇතුළු පිරිසක් එක්ව පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර පදිංචි මෙරට වෛද්‍ය විද්‍යා පර්යේෂකයකු වන අසේල සමීන්ද්‍ර මහතා ‘දිවයින’ට පැවසීය.

මෙලෙස ශ්‍රී ලංකාවේ සිරගතව සිටිනුයේ ලොව පුරා ජාත්‍යන්තර සමුළු රැසක ප්‍රධාන දේශකයකු ලෙස කටයුතු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇගයීමට ලක් කළ ඉහළ පෙළේ ශ්‍රී ලාංකික විද්‍යාඥයකු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජයමහ මහතාට නිදහසක් ලබා ගැනීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු කිරීම සඳහා මෙරට ඉහළ පෙළේ නීතිඥ සමාගමක සහාය ලබා ගැනීමට ද ඔවුන් තීරණය කර තිබේ.

දරුවකු පාසලකට ඇතුළත් කිරීම සඳහා ව්‍යාජව සකස් කෙරුණු ලේඛනයකට අත්සනක් යෙදීම සම්බන්ධ නඩුවකට අනුව විද්‍යාඥ ජයමහ මහතාට සිර දඬුවම් නියම වී ඇත.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment