සිරිධම්ම හිමි නඩුවේදී දේශබන්ධු වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

151

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වල සිරිධම්ම හිමියන් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් මෙම අවස්ථාවේදී පෙනී සිටීමට උපදෙස් ලැබී නොමැති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශමින්ද වික්‍රම මහතා ඊයේ (13 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නිගමනය කරන ලෙස ඉල්ලා සිරිධම්ම හිමියන් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම බුවනෙක අලුවිහාරේ හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ දී කැඳවිණි.

එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 22 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment