සිරිපාල, අමරවිර, අලගියවන්න, චාමර, සියඹලාපිටිය, පුෂ්පකුමාර, ශාන්ත, රාඝවන් ශ්‍රී ලනිපයෙන් පන්නයි

328

ශ්‍රි.ල.නි.පක්ෂයේ මධ්‍යම කාරක සභාව සදහා නව මධ්‍යම කාරක සභිකයින් 10 දෙනෙකු පත්කළ බැව් ශ්‍රි.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

පක්ෂයේ තින්දුවට අවනත නොවි රජයේ තනතුරු භාරගැනිම නිසා පක්ෂයේ තනතුරු වලින් ඉවත් කළ අය වෙනුවෙන් ඇතිවු පුරප්පාඩු සදහා මෙම පත්විම් සිදුකළ බවද හෙතෙම පවසයි.

එම පක්ෂයේ නව මධ්‍යම කාරක සභිකයින් ලෙස හිටපු ආණ්ඩුකාරවරයකු වන රේජිනොල්ඩ් කුරේ, වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය හා කුරුණැගල සංවිධායක ලක්ෂමන් වෙඩරුව, අවිස්සාවෙල්ල සංවිධායක සුමිත් සොයිසා, කුණ්ඩසාලේ සංවිධායක නිතිඥ සුනිල් අමරතුංග, සබරගමු පළාත් හිටපු අමාත්‍ය නිතිඥ භාණු මනුප්‍රිය, ආනමඩුව සංවිධායක ආනන්ද සරත් කුමාර, උපාධිධාරි සංගමයේ සභාපති රෂික දේශප්‍රිය, මහියංගන සංවිධායක සහ මහියංගන ප්‍රදේශිය සභාවේ සභාපති කේ බි ගුණවර්ධන දැදිගම සංවිධායක වරකාපොළ හිටපු සභාපති කිත්සිරි විජේතුංග, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක විද්‍යාවේදි උපාධිධාරි ෂාන් අබේගුණරත්න යන මහත්වරුන් පත්කරණු ලැබිය.

පක්ෂයේ තින්දුවට පටහැනිව රජයේ තනතුරු භාරගනු ලැබු නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවිර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දහනායක, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, ශාන්තබණ්ඩාර, සුරේන රාඝවන් යන මහත්වරු පක්ෂයේ දරණු ලැබු සියලු‍ තනතුරුවලින් ඉවත් කරනු ලැබිය.

advertistmentadvertistment
advertistmentadvertistment