සිරිපා කරුණා කරන්න සති අන්තයේ මහා සෙනගක්

69

උඩරට මැණිකේගෙන් ආ තිදෙනකු ළඟ මත්ද්‍රව්‍ය

සති අන්ත නිවාඩුවත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙන් ශ්‍රී පාද වන්දනා කිරීමට හැටන් දුම්රිය ස්ථානය වෙත ඊයේ (16 දා) දින විශාල වන්දනාකරුවෝ පිරිසක් පැමිණ සිටිහ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරීමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ කිහිපයක් එක් කර ඇත.

සති අන්ත නිවාඩුවේ ධාවනය වන සෑම දුම්රියක්ම හැටන් දුම්රිය ස්ථාන වෙත ළඟා වෙන අවස්ථාවේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරීමටත්, එම වන්දනාකරුවන් නැවත නල්ලන්නියේ සිට හැටන් දක්වා ප්‍රවාහනය කිරීමටත් ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් කියා සිටියේය.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ වාහනවලින් සහ දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැටලීම් ඒකකය හා හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ද මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

උඩරට මැණිකේ දුම්රියෙන් ශ්‍රී පාද කරුණා කිරීමට පැමිණි තරුණයන් තිදෙනකු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබීම නිසා එම සැකකරුවන් තිදෙනා හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් වැටලීම සිදු කළ නිලධාරීහු කියා සිටියහ.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment